Wrecked (2010) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)



Wrecked (2010) සිංහල උපසිරැසි සමඟින් (125 min 55 sec)
Uploaded on 07-12-2018 at 09:21 PM by HEDZ
English Movies - DailyMotion

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





අද අරන් ආවේ Adventure, Drama, Mystery ඝනයට අයත් වෙන චිත්‍ර‍පටියක් මෙහි ප්‍ර‍ධාන චරිතය කරන්නේ Adrien Brody විසින් චිත්‍ර‍පටියේ කතාව ගැන කියනවා නම් කතාවේ ප්‍ර‍ධාන චරිතයට සිහිය එද්දි ඔහු ඉන්නේ මහා කැලයක් මැද්දේ..ඒ වගේම ඔහුගේ වාහනය අනතුරකට ලක්වෙලා වාහනේ ඇතුලේ ඔහු හිරවෙලා... ඒ වගේම ඔහුට තමන් කවුද කොහොමද මෙතැනට ආවේ කියලාවත් මතකයක් ඇත්තේ නැහැ. වාහනේ පිටිපස්සේ ආසනේ තවත් පුද්ගලයෙක් මැරිලා ඉන්නවා දකිනවා. මොහු තමන්ගේ යාළුවෙක්ද නැත්නම් ඔහු වාහනේට ආවේ කොහොමද කියලාවත් මොහුට මතක නැහැ. මේ අතර වාහනේ තිබිලා ඔහුට ක්‍රේඩ්ට් කාඩ් එකක් හම්බෙවනවා. එකේ නමක් ප්‍රින්ට් කරලා තියනවා. මේ පුද්ගලයා හිතනවා මේ තමන්ගේ කාඩ් එක වෙන්න ඇති කියලා මේ වාහනේ වැටිලා තියන නිසා... කොහොම හරි ඔහු වාහනෙන් එලියට බහින්න උත්සහා කලත් ඒක කරන්න බැරි වෙනවා වාහනේ ඩැෂ් බොඩ් අස්සේ ඔහුගේ කකුලක් හිරවෙලා තියන නිසා. කාත් කවුරුවත් නැතිව කැලේ මැද්දේ තනිවෙලා ඉන්න මොහු වාහනේ රේඩියොව ඔන් කරනවා. එතකොට රේඩියෝවේ පොලිස් නිවේදනයක් යනවා... එකෙන් බැංකුවක් කොල්ලකා පාලාගිය අපරාධකරුවන් තිදෙනෙක්ගේ නම් කියවෙනවා... ඒ කියන නම තමයි ඔහුට ලැබෙන ක්‍රේඩිට් කාඩ් එකෙත් තියන නම... ඒ වගේම ඒ කියන නමේ අනික් කෙනා තමයි වාහනේ පසුපස ආසනේ මැරිලා ඉන්නේ... එතකොට මේ අනතුර වෙලා තියෙන්නේ ඔහු බැංකුවක් කොල්ලකාලා යද්දිද? දැන් මේ පුද්ලගයා කොහොමද උදව් ඉල්ලන්නේ...මොකද උදව් ඉල්ලුවොත් අනිවාර්යෙන් හිරේ ලගින්න වෙන්නේ... ඉතින් එතැනින් එහාට මොනා වේයිද වගේම ඇත්තටම මේ පුද්ගලයා කවුද යන්න චිත්‍ර‍පටිය අවසානයේ ඔබට බලාගන්න හැකිවේවි. එහෙනම් සමුගන්නවා තවත් චිත්‍ර‍පටියක් සමඟින් හමුවිමේ බලාපොරොත්තුවෙන්.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු BluRay සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දුලාජ් අභයවර්ධන විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..

Tags: adventure, drama, dulaj, english, mystery

Wrecked (2010) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)