Karenjit Kaur The Untold Story of Sunny Leone (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)




Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





හැමෝම හොඳින් කියලා විශ්වාස කරනවා. අරගෙන ආවේ ගොඩක් අයට පුදුමයක් වුණ, සමහර අයට මේක දැක්කම පුදුමයක් වෙන, අපි හැමෝම දන්න සනී ලියොනිගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වුන "කරන්ජිත් කෝර් - සනී ලියොන්ගේ නොකියූ කතාව" සම්පූර්ණ පළවැනි සීසන් එක. මේකට IMDB එකේ ලකුණු 9ක් ඉහළම අගයක් ලැබිලා තිබීමෙන් ඔයාට තේරුම් ගන්න පුලුවන් කතාව කොච්චර හොඳද කියලා. මොකද කලින් සනී ගේ ෆිල්ම් වල සෑහෙන්න පහල රේටිං මට්ටමක් තිබුනේ.

ඉන්දු-කැනේඩියානු තරුණියක් වන සනී ලියොන්, නිල් චිත්‍රපටි ක්ෂේත්‍රයේ ඉඳලා බොලිවුඩ් වලට එනකල් ජීවිත කතාව හරිම ලස්සනට කථා මාලාව පුරාම නිර්මාණය කරලා තියෙනවා. බොහෝ දෙනෙක් දැනගෙන සිටි ඇගේ කතාවේ සරළ අතීතය වගේම නොදන්නා ගැඹුරු අතීතයත්, බලන්නාට කුතුහලය, සතුට මෙන්ම දුකද හදවට දැනෙන්න අධ්‍යක්ෂකට හැකිවෙලා තිබෙනවා. ලස්සන සිංදු කීපයක්ම කථා මාලාවෙදි බලාගන්නත් පුලුවන්. කතාවේ ට්‍රේලර් එක මුලින්ම බලලා ඉන්න කියලා කියනවා. ඒ නොබැලුවත්, හැමෝටම බලන්න කියලා ආරාධනය කරනවා. මොකද ජීවිතේට ගන්න ගොඩක් දේවල් මට නම් මේ කතාවෙන් දකින්න ලැබුනා. කම්මැලි කමක් නැතුව බලන්න කැමති සිරීස් එකක් කියලා කියන්න පුලුවන් බය නැතුව!

විශේෂයෙන් කියන්න ඕන ඇතැම් දර්ශන තිබෙනවා හැමෝම එක්ක බලන්න බැරි ඒවාත්. ඉතින් ඒකත් මතක් කරන්න ඕන ඔයා බලන්න කලින්.

එවගේම මේ කථා මාලාවත් එක්ක මගේ 100 වැනි උපසිරැසිය සම්පූර්ණ වෙනවා. ඒකට නම් ලොකු සතුටක් තියෙනවා මොකද අහම්බෙන් මට මම කැමතිම චරිතයක කථා මාලාවක්ම උපසිරැසි ගන්වන්න ලැබුන එකට. 2012 වසරේ සූම් එකට එකතුවුනේ රවිඳු සසංක මගේ සගයා උපසිරැසියක් දාලා තියෙනවා දැකලා. ඉතින් කොහොමහරි මට 100 උපසිරැසිය දෙන්න එහෙම බැලුවාම අවුරුදු 6ක් ගිහින් තියෙනවා :3 අපේ දර්ශණව මතක් කරන්න ඕන අනිවාර්යෙන්ම. සහෝදරයෙක් වගේ හැමෝටම ඕනම වෙලාවක ඉන්නවා ඕනම දේකට. එවගේම සුපුන්, ගයාන්, නිෂාදි, නිසල්, රොෂාන් අයියා, විනෝද් තව ඉතින් නම් කියන්න ගියොත් ලිපියෙන් බාගයක් විතර කියන්න පුලුවන් හම්බවුන යාලුවන්ව.

වැඩ අස්සේ කොහොමහරි දවස් තුනකින් වගේ මම කොටස් 10 උපසිරැසි දාලා ඉවර කලා. මොකද උවමනාව තිබුනා ඉක්මනටම ඔයාලට දෙන්න මේ කතාව. එහෙනම් නැවත වරක් හැමෝටම මේක බලන්න කියලා ආරාධනය කරන ගමන් මම ගිහින් එන්නම්. හැමෝටම තෙරුවන් සරණයි!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමොද් ඉන්දුනිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..

Karenjit Kaur The Untold Story of Sunny Leone (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)[/CENTER]