Hereditary (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





සුභ දවසක් වේවා හැමෝටම. මගේ ප්‍රථම උපසිරැසි නිර්මාණය හැටියට මම ඔයාලට අරගෙන ආවෙ 2018 වර්ෂයේ නිකුත් වුන Drama|Horror|Mystery|Thriller යන කාණ්ඩයන්ට අයත් වන, එහෙම නැත්නම් සුපිරි හොල්මන් චිත්‍රපටියක්. IMDB චිත්‍රපට දර්ශකයේ 7.4 ක් වැනි අගයක් සමගම Rotten Tomatoes දර්ශකයේ 89% ක් වැනි ඉතා ඉහල අගයක් ලබා ගැනීමට සමත් වී ඇති මේ චිත්‍රපටය Ari Aster ගේ අධ්‍යක්ෂණය ක්. ඒ වගේම Toni Collette, Milly Shapiro, Gabriel Byrne යන අයගේ විශිෂ්ට රංගනයෙන් හැඩවන මේ නිර්මාණය මිනිත්තු 127 ක ධාවන කාලයකින් යුක්තයි.

කතාව ගැන කියනවනම්, මේ කතාව ගෙතෙන්නෙ මව, පියා, දුව සහ පුතා ජීවත් වන පවුලක් වටා. කතාව ආරම්බයේ ආච්චි අම්මා, එහෙම නැත්නම් පවුලේ අම්මාගේ මෑණියන් මිය යනවා. ඒත් සමගම තමා සියළුම සිදුවීන් සිදුවෙන්න පටන් ගන්නේ. හැබැයි ඔයාල හිතන විදිහට නම් නෙවෙයි. (ආච්චි නෙවෙයි හොල්මන් කරන්නේ...😉). මේක ඇත්තටම පොඩි අයට බලන්න පුළුවන් එකක්නම් නෙවෙයි. අවුරුදු 18+ ට වත් වැඩි අය බලනවනම් තමා වඩා හොඳ. කවුරු උනත් රෑටනම් බලන්න එපා 😁😁😁. ඉතින් ඔයාලට ත්‍රාසය, භීතිය, කුතුහලය පිරි මේ සුපිරි නිර්මාණය රස විදින්න කියලා ආරාධනා කරමින් මම නවතිනව. තවත් උපසිරැසි නිර්මාණයකින් හමුවෙන තුරු ඔබට ජය වේවා..!!



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුපුන් සංජිව විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Hereditary (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)