කාලයක් තිස්සේ බ්‍රහ්මචාරි හිටපු අපේ මංජු කොල්ලගේ දැහැන් බිදින්න සුමති කියලා කෙලි පැටික්කියකට හැකි උනා කියලා තමා ආරංචිය.දෙන්නගේ ආදරේ හරියට නිකම් අනේ මන්දා කියා ගන්න බැලු.සුමතිගේ කඩහඩ හරියට නයිට් කඩේක කොත්තු රොටි ගහන තරම් මිහිරියිලු. මංජුවාගේ හිත හොරෙන් හොරෙන් සුමති හොරකම් කරාලු.මේ දවස් වල මංජු සුදු වෙන්න Fair & Handsome කියලා ක්‍රිම් එකකුත් උලනවලු.මොනා කරලා හරි මංජුගේ ආදරේ සඵල වේවා!!!

ලගදි දවසක මාතර පැත්තේ යද්දි අපිට මංජුව ගස් වැල් මුහුද ගාව වගේ මෙහෙම ඉන්නවා දැක ගන්න පුලුවන් වේවි.
..වැස්සත් නැතත් කුඩයක් අරන් යාවි..කුඩේ ඇතුලේ දෙන්නා ...අනේ මට විලිලැජ්ජයි කියන්න..

මොනවා උනත් මංජුවගේ ආදරේ සඵල වෙලා ලගදිම අපිට වෙඩින් කේක් කැල්ලක් කන්න ලැබේවා කියලා එක සිතින් ප්‍රර්ථනා කරමු..



ඔබේ සිතට දැනෙන හැගිම හා අපේ මංජු කොල්ලාගේ ලවට සූභ පතලා මෙහි අකුරු කරලා මංජුගේ සිත ධෛර්මත් කරන ලෙස ඉල්ලා සිටිනවා