Ebates ගැන සිංහලෙන්ම. Ebay එ‍කෙන් බඩු ගන්න ඇති වෙනකන් $$$. 2018

Register Ebates For get 10$

Wikipedia එකේ හැටියටනම් Ebates කියන්නෙ cash back web site එකක්. එහෙමත් නැත්තන් සල්ලි අපහු ගෙවන web site එකක්. 1998දී ඇමෙරිකාවේ පටන් ගත්ත මේ ආයතනයේ අරමුණ තමා මිනිස්සුන්ව Online Shopping වලට හුරුකරවන එක. මෙයාල කරන්නෙ අපි shopping කරද්දී අපිට discount එකක් දෙන එක. හැබැයි discount එක දෙන්නෙ ආපසු ගෙවීමක් විදිහට. දැන් හිතෙනවා ඇති මුන්ට පිස්සුද මෙහෙම සල්ලි දෙන්ඩ කියල. හැබැයි මෙයාල ලොකු ලාබයක් ලබන ගමන් තමා මේක කරන්නේ.

අපි මේකෙ register වෙලා Ebates එක හරහා eBay හරි වෙන මොකක් හරි site එකකින් හරි මිලදී ගැනීමක් කරොත් තමා අපිට ගෙවන්නේ. එයාලගෙ ලින්ක් එකෙන් ගියහම අදාල site එකෙන් එයාලට අපිව එව්වට commission එකක් දෙනවා. හිතන්නකෝ බ්‍රෝකර් කෙනෙක් වහනයක් විකුණලා දුන්නහම කීයක් හරි ගන්නවා කියල. අන්න ඒකම තමා මෙතනත් වෙන්නේ. ඉතින් Ebetes එකෙන් කරන්නේ එයාලගේ ලාබෙ වැඩි කරගන්න ඕනේ හින්ද අපි එයාල හරහා ගිහින් බඩු ගන්නවට එයාල අපිට භාණ්ඩෙ වටිනාකමින් සියයට ගානක් ගෙවනවා. ගෙවන ප්‍රමාණ site එකෙන් site එකට වෙනස් වෙනවා. ඒ ගාන දවසින් දවස වෙනස් වෙනව 1% සිට 25+% වෙනස් වෙනව ඒකත් පැහැලිව බලාගන්න පුළුවන්. මේකෙන් අපිටත් ලාබයි එයාලටත් ලාබයි . අපිට මේක අමතර වාසියක්. මොකද ඉතින් කීයක් හරි අපහු හම්බෙනවනෙ.


මොනවද කරන්න තියෙන්නෙ?
ඉස්සෙල්ලාම කරන්න තියෙන්නෙ සයිට් එකේ රෙජිස්ටර් වෙන එක.
රෙජිස්ටර් වෙන්න මේ ලින්ක් එකෙන් යන්න.


Register Ebates For get 10$

ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි දීල කැප්චා එක වෙරිෆයි කරන්න ඊටපස්සෙ Join Now ක්ලික් කරන්න. එහෙමත් නැත්නම් ඔයාගෙ Facebook හෝ Gmail Account එක හරහා අකවුන්ට් එකක් හදාගන්නත් පුලුවන්. ඒකට ඔයාගෙ අකවුන්ට් එක අනුව ක්ලික් කරල ගිහින් අකවුන්ට් එක හදාගන්න.



මේකෙන් සල්ලි අතට ගන්නේ කොහොමද?

Account Setting වලට ගිහින් Cheque එකකින්ද නැතිනම් PayPal එකටද සල්ලි ගෙන්වගන්නෙ කියල සිලෙක්ට් කරන්න




PayPal හරහා ගෙන්නගන්න

How to create a paypal account for sri lanka
Watch

කොහොමත් සල්ලි ගන්න නම් 5$ අඩුම එකතු වෙනකන් ඉන්න ඕනේ.
ඔයාගෙ 10$ ගිෆ්ට් එක ලැබෙන්නෙ ඔයා රෙජිස්ටර් වෙලා 25$ වටිනාකමක් ඇති භාන්ඩයක් මේ සයිට් එක හරහා මිලදීගත්තොත් පමණයි. මිලදීගත්තට පස්සෙ ඔයා Qualified මෙම්බර් කෙනෙක් වෙනව.


*තව දෙයක් ඔයා ඔන්ලයින් Shopping කරන හැම වෙලාවෙම මේ සයිට් එක හරහා ගිහින් බඩු ගන්න අමතක කරන්න එපා. ඔයා ඕඩර් එකක් දැම්මයින් පස්සෙ දවස් 3ක් ඇතුලත ඔයාගෙ අකවුන්ට් එකේ බැලන්ස් එක අප්ඩේට් වේවි.
අකවුන්ට් එකට ලොග්වෙන එක කම්මැලි වගේ නම් Cash Back Button එක Chrome එකට install කරගන්න.
මෙතනින් ඒක ගන්න.

https://chrome.google.com/webstore/d...kmflnfcopglcmi

Recommended Favorite Stores