Srinivasa Kalyanam (2018) සිංහල උපසිරැසි සමගින්
(click here to watch and comment)





එහෙනම් හැමෝටම අයුබෝවන් කිව්ව.මම මේ zoom.lk වෙබ් අඩවියට උපසිරැසියක් අරගෙන එන පළවෙනි වතාව.ඉතින් ඒ හින්ද වැරදි එහෙම තියෙයි නම් ඉස්සෙල්ලාම සමාව ඉල්ලනවා. ඒ වගේම මට මේ සබ් එක කරන්න දුන්නට zoom.lk වෙබ් අඩවියට බොහෝම ස්තූතියී.ඉතින් මං අද අරගෙන ආවෙ තෙලුගු ෆිලුමක්.තෙලුගු චිත්‍රපටි බලන ඕනම කෙනෙක් දන්න nithin තමයි මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය හොබවන්නෙ. මොහු 2016 වර්ශයේ නිකුත් වෙච්ච A Aa චිත්‍රපටිය වගේම වර්ශයේ නිකුත් වෙච්ච Lie චිත්‍රපටයේ....තව...මේ වසරේ නිකුත් වෙච්ච Chal Mohan Ranga ඇතුළු චිත්‍රපටි විශාල ප්‍රමාණයකට රංගනයෙන් දායක වෙලා තියෙනව.ඒ වගේම මේ චිත්‍රපටියෙ ප්‍රධාන නිලියගේ තැන අරගෙන තියෙන්නෙ Shivam,Tholi Prema,Jai Lava Kusa වැනි චිත්‍රපට වලට රංගනයෙන් දායක වෙච්ච Raashi Khanna.ඉතින් මේ චිත්‍රපටියෙ prakash Raj,Nandita Swetha ඇතුළු නළු නිළියන්රැ සක් ද මෙහි චරිත හොබවනවා.මේ චිත්‍රපටිය නමින් Srinivasa Kalyanam... තේරුම තමයි ශ්‍රි නිවාස් ගේ මංගල්‍යය කියලා. මේ චිත්‍රපටියට IMDB මීටරේ 6/10 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා.

මේ චිත්‍රපටියෙ කතාව ගැන කිව්වොත්,මේකෙ තියෙන්නෙ වර්තමානයේදි කරන පරණ තාලේ විවාහයක් ගැන.ඉතින් මේකෙදි ගොඩක් සාම්ප්‍රදායිකව ජීවත් වන පවුලක තමයි මේ nithin විසින් පණ පොවන "වාසු" කියන තැනැත්තා ජීවත් වෙන්නෙ. ඔහු ආදරය කරන්න ගන්න කෙනා එහෙමත් නැත්නම් raashi විසින් පණ පොවන "ශ්‍රී" කියන චරිතය ගොඩක් පෝසත් පවුලක කෙනෙක්. ඉතින් මේ නගරෙ විදියට ජීවත් වෙන "ශ්‍රී"ගේ හා ගමේ ජීවත් වෙන "වාසු"ගේ විවාහය සිද්ද වෙන ආකාරය වටා තමයි මේ කතාව ගෙතිල තියෙන්නෙ. ඉතින් තමන්ගේ යුතුකම් අමතක වෙච්ච සල්ලි වලට යටවෙච්ච තාත්තෙක්ට විදින්න වෙන දුක් ටික නම් බලන්නම වටිනවා.ඉතින් මීට වැඩිය දෙයක් කියන්න ඕන නැති වේවි....මේ චිත්‍ර‍පටිය විචාරක අදහස් වලින් හොද පවුලේ චිත්‍ර‍පටියක් ලෙසම අඟය කරලා තියනවා... එහෙනම් චිත්‍රපටිය බලලම ඉන්නකෝ.තවත් උපසිරැසියකින් හමුවෙන්න බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා. ජයවේවා.






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තාරුක ගයාශාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..

Tags: drama, romance, tharuka

Srinivasa Kalyanam (2018) සිංහල උපසිරැසි සමගින්
(click here to watch and comment)