Saakshyam (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





නැවතත් ඉක්මනින්ම හමුවෙන්න ආවේ සුපිරි ගණයේ තෙලෙඟු චිත්‍ර‍පටියක් අරන්. මේ චිත්‍ර‍පටියේ අධ්‍යක්ෂකවරයා තමයි Sriwass.. ඔහු කලින් අධ්‍යක්ෂණය කරපු චිත්‍ර‍පටි සියල්ලම සුපර් හිට් වර්ඟයේ චිත්‍ර‍පටි තමයි... Lakshyam,Loukyam ඒ අතරින් කිහිපයක්... මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත වලට රංඟනයෙන් දායක වෙන්නේ Bellamkonda Sreenivas හා Pooja Hegde විසිනි. හොද ඇක්ෂන් තෙලෙඟු චිත්‍ර‍පටියක් බලන්න අදහස් කරනවා නම් මේ චිත්‍ර‍පටිය නම් ඊට හොද විසඳුමක් වේවි... චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත් මේක පළිගැනිමේ කතාවක්... පුද්ගලයෙකුගේ පළිගැනිමක් නෙමෙයි ස්වාභාවධර්මයේ පලිගැනිමේ කතාවක්... සුළඟ...ගින්දර...පස්... ජලය මේ සියල්ලගෙන්ම සැඳුණු ලෝකයේ එවායින්ම පව්කාරයින්ට පළිගන්න සලස්වන ආකාරය තමයි මේකට පාඨක වෙන්නේ.... විශ්වා කියන්නේ ඇමරිකාවේ වාසය කරන පරිඟණක ක්‍රිඩා නිර්මාණය කරන සමාඟමක් අයිති තරුණයෙක්..... මොහු දිනක් අහම්බෙන් මෙන් දකින සෞන්දර්යා කියන ගැණු ළමයාට ආදරය කරන්න පටන් ගන්නවා... කොච්චර ලොකු සල්ලිකාරයෙක් උනත් සෞන්දර්යා නෙමෙයි විශ්වාට කැමැති වෙන්නේ... කොහොම හරි ඉන්දියාවේ තමන්ගේ තාත්තාට වෙන පොඩි කරදරයක් නිසා සෞන්දර්යා ඇමරිකාවේ ඉදන් ඉන්දියාවට යනවා... මේ වඟ දැනගත්ත විශ්වාත් සෞන්දර්යාව සොයාගෙන ඉන්දියාවට යනවා. ඒ තමන්ගේ ආදරය කොහොම හරි සෞන්දර්යාට කියන අරමුණින්. නමුත් විශ්වා ඉන්දියාවට එන්න පටන් ගත්ත දවසේ ඉදන් අමුතු අමුතු දේවල් වෙන්න ගන්නවා... මොහුගේ අතින් කවදාවත් මොහු නොදන්න අයව මැරෙන්න පටන් ගන්නවා... එහෙම තැනට වෙන සිදුවිම් පවා වෙන්නේ කවුරුත් නොහිතන ආකාරයට... ඇත්තටම විශ්වාගේ අතින්ම මේ මිනිස්සු මැරෙන්න වැඩ සලස්වන්නේ ඇයි කියන හේතුව බලන්න පුලුවන් ෆිල්ම් එක අරන් බැලුවොත්... මං කිව්වා වගේ ෆිල්ම් එක නම් පොඩ්ඩක්වත් කැම්මැලි නැහැ වගේම හොද ඇක්ෂන් ත්‍රීලර් ඝනයට අයත් වෙනවා. එහෙනම් චිත්‍ර‍පටිය අරන් බලන්න ආරාධනා කරන ගමන් මං සමුගන්නවා.





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..

Saakshyam (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)