Ustad Hotel (2012) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






එහෙනම් හැමෝටම ආයුබෝවන් කිව්වා.ඔන්න ඉතින් අද මං අරගෙන ආවෙ සුපිරිම මලයාළම් චිත්‍රපටියක්. ඉස්සෙල්ලාම කියන්න ඕන මේක අළුත් චිත්‍රපටියක් නම් නෙවෙයි.මේක 2012 දී එළිදක්වපු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය torrent,direct link වලින් Janatha Hotel කියල ආවට මේ චිත්‍රපටිය 2012 එළි දැක්වුවේ "Usthad hotel" කියන නමින්. ඉතින් චිත්‍ර‍පටිය නම් පරණයි තමයි. ඒ වුණාට මේක සුපිරී කිව්වට නම් වැරැද්දක් නෑ. ඉතින් මේ පැය 2යි මිනිත්තු 31 ක් පුරා දිවෙන මේ usthad hotel චිත්‍රපටිය IMDb 8.3/10 ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. ඉතින් මේ චිත්‍රපටිය කොහොමද කියල IMDb අගයෙන්ම තේරෙනවා ඇතිනේ. ඒ විතරක් නෙමෙයි 2012 වසරේ හොදම මලයාලම් චිත්‍ර‍පටිය..හොදම අධ්‍යක්ෂණය වගේ සම්මාන රැසක්ම මේ චිත්‍ර‍පටිය හිමිකරගන්නත් සමත් වෙලා තියනවා. මේ චිත්‍රපටියට රංගන දායකත්වය සපයා තියෙන්නේ Dulquer Salmaan සමග Nithya Menen.ඒ වගේම තව ජනප්‍රිය නළු නිළියන් අනු චරිත වලින් චිත්‍රපටියට සහභාගී වෙලා තියෙනවා. ඉතින් මේ චිත්‍රපටියෙ අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Anwar Rasheed විසින්.

කතාව ලියල තියෙන්නෙ Anjali Menon සහ නිෂ්පාදනය Listin Stephen විසින් කරල තියෙනවා. ඉතින් අපි කෙලින්ම කතාවට බහිමු. මේ කතාවෙ Dulquer Salmaan තමයි ප්‍රධාන චරිතය වන ෆයිසිගෙ චරිතයට පණපොවන්නේ.. Nithya Menen තමයි ශහානා ගේ චරිතයට පණපොවන්නේ. මේ ෆයිසි කියන්නේ පවුලෙ සමාජිකයින් පස් දෙනාගෙන් පස්වැනි එකම පිරිමි දරුවා..මෙයාගෙ තාත්තා පොඩි තැනේ ඉදන් දියුණු වෙලා දැන් පෝසත් වෙලා ඉන්න කෙනෙක්. ෆයිසි ගේ කැමැත්ත තමයි කෑම උයන එක. ඒ නිසා මෙයා තාත්තට හෝටල් කළමනාකරණ පාඨමාලාවක් කරනව කියලා බොරු කියලා ස්විට්සර්ලන්තයට යනවා සූපවේදියෙක් විදියට පුහුණු වෙන්න. ඊට පස්සෙ එයාගෙ සහෝදරියන්ගේ දැඩි ඉල්ලීම මත එයා ආයෙත් රටට එනවා. ඒ ආවාම තාත්තා දැනගන්නවා ෆයිසි චෙෆ් කෙනෙක් විදියටයි පුරුදු වෙලා තියෙන්නේ හොටෙල් කලමනාකරුවෙක් විදියට නෙමෙයි කියලා... මෙතැනින් එහාට සිද්ධවෙන කතාව තමයි ඔයාලට බලන්න වෙන්නේ‍.. කොහොම හරි මේ චිත්‍ර‍පටියේ අපිට කියලා දෙනවා වර්ඟ දෙකක මිනිස්සු ගැන...එක් වර්ඟයක් සල්ලි හම්බ කරන මිනිස්සු ඒ අතර තවත් වර්ඟයක් ඉන්නවා මනුස්සකම හම්බකරන අය... ඒ වගේම කෙනෙක්ගේ බඩගින්නක් නිවලා සතුටු වෙන අය... මොකද හැමෝටම කෙනෙක් වෙනුවෙන් කෑම හදලා බඩ පුරවන්න පුලුවන්...එත් ඒ කෑමෙන් හිත සතුටු කරන්න හැමෝටම බැහැ. එහෙනම් ඉතින් චිත්‍ර‍පටිය නරඔන්න ආරාධනා කරමින්ම සමුගන්නවා... ආ විශේෂයෙන් කියන්න ඕනි...හොදට බඩ පුරවගෙන එහෙම මේ චිත්‍ර‍පටිය බලන්න...නැත්නම් මේකේ හදන කෑම ජාති දැකලා බඩගිනි වැඩි වෙලා කෙල ගිලිලාම මොනා හරි උනොත් අපි නම් වඟකියන්නේ නැහැ... තවත් වැදගත් කාරණාවක් මේ චිත්‍ර‍පටියේ අපි දිලා තියන කොපිය ඩුවල් ඕඩියෝ එකක්. ඒක ප්ලේ කරද්දි ඔයා පාවිච්චි කරන ප්ලේයර් එකෙන් මලයාලම් ඔඩ්යෝ ගොනුව සිලෙක්ට් කරන්න. එතකොට මලයාලම් භාෂෘවෙන්ම චිත්‍ර‍පටිය රසවිදින්න පුලුවන් වේවි.





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තාරුක ගයාශාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Ustad Hotel (2012) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)