Geetha Govindam (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





Parasuram විසින් අධ්‍යක්ෂණය කරන ලද Vijay Deverakonda හා Rashmika Mandanna විසින් ප්‍ර‍ධාන චරිත වල රංඟනයෙන් දායක වෙන ගොඩක් අය බලන්න ආසාවෙන් හිටපු චිත්‍ර‍පටියක් තමයි අද මේ ඔයාලට අරන් ආවේ. මේ චිත්‍ර‍පටිය ඉන්දියාව පුරා හා ලොවපුරාම තිරඟත විම ආරම්භ කලේ අගොස්තු පහලොස් වැනිදා. කෝටි 10ක් වියදම් කරලා හදපු මේ චිත්‍ර‍පටිය කෝටි 130ක වාර්තා ගත ආදායමක් සොයාගන්නටත් සමත් වුනා. මේ වසරේ වැඩිම අදායම් ලබපු තෙලෙඟු චිත්‍ර‍පටි ගොන්නටත් මේක එකතු වෙනවා...

කතාව ගැන කිව්වොත් විජේ කියන්නේ ගුරුවරයෙක්... මොහු කඩවසම් නිසා ඒ පන්තියේ ළමයි එහෙම මේ ගුරුවරයාට දැක්වන ඇල්ම එහෙම වැඩියි... හැබැයි විජේ මේවා කිසිම දෙයක් ගණන් ගන්නේ නැහැ. දවස් විජේ පාරේ ඉද්දි දකිනවා තමන්ගේ හිතේ ඇදිලා තියනවා වගේ ගැණු ළමයෙක්ව. කොහොම හරි මේ ගැණු ළමයා ගැන තමන්ගේ යාළුවන්ට පවා කියනවා... මේ අතර විජේගේ නංඟිගේ කසාදේ නිසා ඔහු ගමට යන්න පිටත් වෙනවා. ඔහු බස් එකට නැගලා බැලුවාම ඔහුගේ අල්ලපු ආසනේ ඉන්නේ අර ඔහු එදා පාරේදි දැක්ක ගැණු ළමයා... විජේ මේක තමන්ගේ යාළුවන්ට කිව්වාම යාළුවෝ ටික අපුරු උපදේශයක් දෙනවා. මේ උපදේශය පිලිපදින්න ගිහින් තමයි ලොකු අවුලක් වෙන්නේ.. එතැනින් එහාට චිත්‍ර‍පටිය නැරබිම ඔබට බාරයි...





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Geetha Govindam (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)