Stree (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]
[/SIZE][/LEFT]





2018 වසරේ අතිශය ජනප්‍රිය වු තවත් චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ...මේක කොතරම් ජනප්‍රිය උනාද කිව්වොත් කෝටි 23ක් පමණක් වියදම් කරලා හදපු මේ චිත්‍ර‍පටිය දැනටම කෝටි 100 සිමාව පන්නලාත් ඉවරයි. මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත ලෙස Rajkummar Rao හා Shraddha Kapoor රංඟනයෙන් දායක වෙනවා. මෙහි අධ්‍යක්ෂණය Amar Kaushik විසින්... අගොස්තු 31 වැනිදා තමයි මේ චිත්‍ර‍පටිය ලොව පුරාම තිරඟත වෙන්න පටන් ගත්තේ.

කතාව ගැන කිව්වොත් එක්තරා ගමක ස්ත්‍රී නමින් කාන්තා අවතාරයක් සිටිනවා. මේ අවතාරය පැමිණෙන්නේ ගමේ සිටින පිරිමි අයව දඩයම් කරන්න... මේ නිසා ගමේ හැම ගෙදරකම ලියලා තියනවා ''ස්ත්‍රී අද නෙමෙයි හෙට'' කියලා. හරියට ලංකාවේ බාලගිරි දෝෂයට දොරේ ලියනවා වගේ. හැබැයි නිකමට හරි මේ හොල්මන් කාන්තාවට හසුඋනොතින් ඇදන් සිටි ඇදුම විතරයි ඉතුරු වෙන්නේ ඒ පුද්ගලයා සදාහටම අතුරුදහන් වෙලා යනවා. මේ ගමේ ඉන්න විකි කියන්නේ ට්‍රේලර් වරයෙක්... ඔහු තමන්ගේ තාත්තාගේ ඇදුම් මහන සාප්පුව බලාකියාගෙන තමයි ඉන්නේ. මොහු නම් මේ හොල්මන් කතාවලට වැඩි විශ්වාසයක් දකින්නේ නැහැ. මොහුටම ගැලපෙන යාළුවෝ දෙන්නෙකුත් ඉන්නවා බිට්ටු හා ජානා කියලා. ඔහොම කාලය ගතවෙද්දි තමයි විකිට ගැණු ළමයෙක් අහම්බෙන් හම්බවෙන්නේ... විකිගේ යාළුවෝ දන්නවා විකි ගැණු ළමයෙක් එක්ක කතා බහා කරනවා කියලා එත් බිට්ටු හා ජානා කවදාවත් විකි මේ කතා බහා කරන ගැණු ළමයාව මුණ ගැහිලා නැහැ. ඉතින් ගමේ වෙන වැඩත් එක්ක මේ අයට හිතෙන්න ගන්නවා විකි කතාබහා කරන මේ ගැණූ ළමයා ස්ත්‍රී කියන අවතාරේ කියලා... ඉතින් ඒක ඇත්තද නැත්ද කියලා බලන්න වෙන්නේ චිත්‍ර‍පටිය අරන් තමයි.... රෑ ජාමේ මේක බලද්දි ප්‍රවේශමෙන්..හොල්ම න් කොමඩියක් උනාට ඉන්න හොල්මනට නම් ඇත්තටම බය හිතෙනවා






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Stree (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)