Andhadhun (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





2018 වසරට අදාලව තිරගත වුනු බොලිවුඩ් චිත්‍රපට අතරේ බොක්ස් ඔෆිස් සුපර්හිට් චිත්‍රපට අතලොස්ස අතරට එක් වුනු andhadhun චිත්‍රපටය Ek Hasina Thi (2004), Johnny Gaddaar (2007), Agent Vinod (2012) , Badlapur (2015) වැනි ජනප්‍රිය සහ අපූරු චිත්‍රපට කිහිපයක්ම අධ්‍යක්ෂණය කළ ශ්‍රීරාම් රාඝවන්ගේ අධ්‍යක්ෂණ්‍යක්. Comedy, Crime, Thriller කියන වර්ගීකරණයන්ට අයත් අන්ධාදූන් චිත්‍රපටය විශේෂයෙන් ත්‍රිලර් චිත්‍රපට ප්‍රිය කරන සිනමා රසිකයන් නම් කිසිසේත්ම මගනොහැරගත යුතු චිත්‍රපටයක්. 2018 වර්ෂයට අදාලව දැනට නරඹන්නට ලැබුනු හොඳම බොලිවුඩ් ත්‍රිලර් එක කිවුවත් වැරදි නැහැ. ඒ තරම්ම කුතුහලය ඇති වෙන විදියට මේ කතාන්දරය ගොතන්න අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියෙනවා. IMDB දර්ශකයේ 9.0/10ක ඉතාමත් ඉහළ අගයක් සනිටුහන් කරගනිමින් ‍IMDB දර්ශකයේ හොඳම බොලිවුඩ් චිත්‍රපට අතරට එක් වෙන්නටත් අන්ධාදූන් චිත්‍රපටය සමත් වී තිබෙනවා.

නවපරපුරේ අතිදක්ෂයෝ දෙදෙනෙකු වන ආයුෂ්මන් කුරානා සහ රාධිකා ආප්තේ ප්‍රවීන සහ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිණී තාබු සමගින් එක්ව මෙම චිත්‍රපටයට ප්‍රමුඛ රංගන දායකත්වය සපයා තිබෙනවා. සියලුම රංගන ශිල්පීන් තම තමන්ගේ වපසරිය තුළ තමන්ගේ කාරිය මැනෙවින් ඉටු කොට තිබුනා වගේම අමිත් ත්‍රිවේදිගේ සංගීත සුසංයෝගය චිත්‍රපටයේ වටිනාකම දෙගුණ තෙගුණ කොට තිබුනා.

මේ චිත්‍රපටයේ කතාන්දරය ගැන නම් වැඩි යමක් කියන්නට බැහැ. ආරම්භයේ පටන්ම ප්‍රේක්ශකයාව විටින් විට මවිත කරවන ආකාරයෙන් තමහි කතාන්දරය ගලාගෙන යන්නේ. ආකාෂ් (ආයුෂ්මන් කුරාණා) අන්ධ පියානෝ වාදකයෙක්. ඔහුට අහම්බෙන් හමුවන සොෆී (රාධිකා ආප්තේ) සුන්දර තරුණියක්. ඇයගේ උදවුවෙන් ආකාෂ්ට පුලුවන් වෙනවා ඇයගේ පියාට හිමි අවන්හලේ අමුත්තන් වෙනුවෙන් පියානෝ වාදන කරලා පොඩි ආදායමක් උපයගන්න. නමුත් එක් දිනක් අවන් හලට ගොඩ වෙනවා ප්‍රමෝද් සින්හා (අනිල් ධවාන්) නම් දැනට රංගනයෙන් සමුගෙන ඉන්න මැදිවිය ඉක්මවපු ජනප්‍රිය නලුවෙක්. ඔහුගේ ආරාධනාවෙන් ආකාෂ්ට සිද්ද වෙනවා ඔහුගේ නිවසට ගොස් ඔහු සහ ඔහුගේ බිරිඳ සිමී (තාබු) වෙනුවෙන් පුද්ගලික පියානෝ වාදනයක් ඉදිරිපත් කරන්න. ඒ ඔවුන්ගේ විවාහ සංවත්සරය වෙනුවෙන්. ඒ ගමනින් ආකාෂ්ගේ මුලු ජීවිතයම වෙනස් වෙනවා. ඔහුට සිද්ද වෙනවා මිනීමැරුමකට මැදි වෙන්නට. කවුද එම නිවසේදී ඝාතනය වෙන්නේ? කවුද ඝාතකයා? ඇස් නොපෙනෙන ආකාෂ් කොහොමද මේ මිනීමැරුම ගැන දැනගන්නේ? සහ එතනින් එහාට ආකාෂ්ගේ ජීවිතය ‍කොයි තැනකට පෙරලෙයිද කියලා චිත්‍රපටය නරඹන ඔබට දැනගන්නට පුලුවන් වේවි. අවසාන වශයෙන් නැවත වතාවක් සිහිපත් කරනවා මේක නම් ඔබ මගනොහැර නැරඹිය යුතුම චිත්‍රපටයක්.

කතෝලික සහෘදයන් සියලු දෙනාටම ලබන්නා වූ නත්තල සාමය සතුට සපිරි සුභ නත්තලක් වේවායි ප්‍රාර්ථනා කරමින් සහ ලක්වැසි සියලු දෙනාටම ලබන්නා වූ නව වසර සුභම සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමින් ඉක්මනින්ම නැවත හමුවන බලාපොරොත්තුවෙන් මම සමුගෙන යනවා. සුභ දවසක්!




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගයාන් බුද්ධික ගමගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Andhadhun (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)