Tej I Love You (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





තවත් තෙලෙඟු සිනමා සිත්තමක් තමයි මේ අරන් ආවේ. A. Karunakaran විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත නිරුපණය කරන්නේ Sai Dharam Tej හා මේ දවස් වල ගොඩක් අයගේ හිත් අරගත්ත Anupama Parameswaran විසින්. ජූලි මස 6 වැනිදා ඉන්දියාව පුරා තිරඟත වු මේ චිත්‍ර‍පටිය විනාඩි 150 ධාවන කාලයකින් යුක්තයි... කතාව ගැන ටිකක් කිව්වොත් තේජ් කියන්නේ කුඩාකාලයේ ඉදන් හැමෝටම උදව් කරගෙන ඉන්න කෙනෙක්. දිනක් වෙන සිදුවිමකින් ගැණු කෙනෙක්ව බේරගන්න ගිහින් පුද්ගලයෙකුට පහර දිමේ වරදට තේජ්ව අත්අඩංගුවට ගන්නවා. මේ නිසා තේජ්ට අවුරුදු 7ක් පරිවාස නිවාසයකට යන්න සිද්ධවෙනවා. කොහොම හරි කාලය ගෙවිලා වර්තමානය දක්වා කතාව ආවාම තේජ් ගායකයෙක් ලෙස තමයි කටයුතු කරන්නේ. මෙහෙම ඉද්දි තමන්ගේ පවුලේ නංඟිට යෝජිත විවාහයක් යෝජනා වෙලා තියෙද්දි ඇයගේ පෙම්වතා එක්ක හොරෙන් පැනලා යන්න උදව් කරා කියලා තේජ්ව එයාගේ පවුලේ අය ගෙදරින් එලවනවා. ඉතින් ඔහු තමන්ගේ තවත් නැදැයෙක්ගේ ගෙදරට පදිංචියට යනවා....ඒ ගෙදර ඉන්න තමන්ගේ නංඟි ඉල්ලන උදව්වක් කරන්න ගිහින් තමයි දිනක් ඔහු නන්දනීව දකින්නේ.... හැබැයි තෙජ් නන්දිනට පළමු හමුවිමෙන්ම සලකන්නේ හොද විදියකට නම් නෙමෙයි.... ඉතින් කතාවේ ඉතිරිය ඔයාලා නරඔලාම දැනගන්න. මේකේ අන්තර්ජාලයට නිකුත් උනේ හින්දි භාෂාවෙන් හඩකවපු කොපියක්. ඒකට තෙලෙගු ස්ක්‍රිනර් කොපියේ සවුන්ඩ් එක ඇඩ් කරලා තමයි චිත්‍ර‍පටිය තෙලෙඟු භාෂාවෙන් පිටපත් නිකුත් කලේ. ඔයාලා සුම් හබ් එකෙන් කොපිය ගද්දි තෙලෙඟු වගේම හින්දි ඩබ් කොපියත් දිලා තියනවා. හොද සවුන්ඩ් කොලිටියෙන් බලන්න කැමැති නම් හින්දි ඩබ් කරපු පිටපත අරගන්න.... මේකේ ප්‍රොපර් තෙලෙඟු කොපියක් ආවොත් උපසිරැසි යාවත්කාලින කරලා දෙන්න උපරිම උත්සහා කරලා දෙන්නම් කියන පොරොන්දුවත් දිගෙනම මං සමුගන්නවා. ඔබ සැමට සුභ දවසක්.





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Tej I Love You (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)