Jalebi (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)




තවත් අපුරු සිනමා සිත්තමකින් තමයි මේ ඔබ මුණ ගැහෙන්න එන්නේ... මේ මගේ දෙවැනි උපසිරැසිය. පළමු උපසිරැසිය මෙන්ම මේ පාරත් අරන් ආවේ හින්දි චිත්‍ර‍පටියක්. Pushpdeep Bhardwaj විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත ලෙස Rhea Chakraborty,Varun Mitra හා Digangana Suryavanshi රංඟනයෙන් දායක වෙනවා. මේ චිත්‍ර‍පටිය 2016 වසරේ නිකුත් උන Praktan බෙංඟාලි චිත්‍ර‍පටියේ ප්‍ර‍ති නිර්මාණයක්

කතාව ගැන කිව්වොත් අයිෂා කියන්නේ ලේඛිකාවක්... අයිෂාගේ පළමු ආදරය තමයි දේව් කියන්නේ... දේව් හා අයේෂා කාලයක් සතුටින් ජිවත් වෙනවා නමුත් ඔවුන් දෙන්නාට වෙන් වෙන්න සිද්ධ වෙනවා ඒ කාරණාව චිත්‍ර‍පටිය අතර මැදදි ඔයාට දැනගන්න පුලුවන්... කොහොම හරි ඔවුන්ගේ ආදරය නැති වෙලා ගිහින් අවුරුදු පහක් ගෙවිලා ගියාත් තාමත් අයිෂාට දේව්ව අමතක කරන්න බැරි වෙනවා. කොහොම හරි හිත ටිකක් නිදහස් කරගන්න කියලා අයිෂා දුම්රියෙන් දිල්ලියට යන්න පිටත් වෙනවා. මේ දුම්රිය ගමනේදි අයිෂාට අනුෂා කියලා ගැණු කෙනෙක්ව මුණ ගැහෙනවා. ඇය තමන්ගේ පුංචි දුවත් එක්ක තමයි දුම්රියේ තනිවම ගමන් කරන්නේ. ටික වෙලාවක් යද්දිම අයිෂා දැනගන්නවා මේ අනුෂා කියන්නේ අයිෂා ආදරය කරපු දේව්ගේ බිරිද කියලා... ඒ විතරක් නෙමෙයි මේ පුංචි දුවගේ වයසත් අවුරුදු හතක්. එතකොට අයිෂාට ලොකු තිගැස්මක් ඇති වෙනවා. මේ ළමයාට අවුරුදු හතක් විතර වෙනවා නම් තමන් එක්ක ආදරය කරන කාලෙත් දේවි මේ සම්බන්ධය තමන්ගෙන් සඟවාගෙන හිටියාද කියලා. අයිෂාට තමන් ආදරය කරපු කෙනා ගැන ලොකු කලකිරිමක් වගේම කෙන්තියකුත් එනවා.... මේ අතර තමයි දේව් මේ දුම්රියට ගොඩ වෙන්නේ අතර මඟදි....එතැනින් එහාට සිදුවන දේ වගේම දේව් හා අයේෂාගේ ආදර කතාව ඇත්තටම සැබැ ආදරවන්තයින්ගේ කතාවක්ද නැත්නම් දේව් කියන වංචාකාරයාගේ බොරු රැවටිලි ආදර කතාවක්ද කියලා දැනගන්න පුලුවන් චිත්‍ර‍පටිය බැලුවාම. ලස්සන ගීත කිහිපයකුත් අන්තර්ගත මේ චිත්‍ර‍පටිය නරඔන්න ආරාධනා කරමින් මං සමුගන්නවා.





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ශාන් බණ්ඩාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Jalebi (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)