The Mermaid Lake Of The Dead (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ඔන්න ආපහු ආවේ ඉංග්‍රිසි චිත්‍ර‍පටියක් අරගෙන... ඇත්තටම මේක රුසියානු චිත්‍ර‍පටියක්... නමුත් මේක ඉංග්‍රිසියට හඩකවලා තමයි තියෙන්නේ... රුසියන් භාෂාව එක්ක බලනවාට වඩා ඒක පහසුවක්නේ නේද .. මේ චිත්‍ර‍පටියේ IMDB රේටින් නම් ටිකක් මදි... සමහර විට මේක රුසියානු චිත්‍ර‍පටියක් නිසාත් වෙන්න පුලුවන්. මොකද මේක රසවිදින කොට නම් චිත්‍ර‍පටියේ අවුලක් පෙනුනේ නම් නැහැ. මුල ඉදන් අග වෙනකම්ම හොද කුතුහලයකින් බලන්න පුලුවන්...

රුසියාවේ පරණ වැඩිහිටියෝ කියන කතාවක් තියනවා... රෑ වෙලා විල් ගාවට තනියම යන්න එපා. දියකිඳුරියෝ ඔයා එනකම් බලාගෙන ඉන්නවා... ඒ අය අපි කතාවල දකින තරම් අහිංසක අය නම් නෙමෙයි... කොහොම හරි ඔයා රෑ වෙලා විල ගාවට ගියොත් ඔයාට ලස්සන යුවතියක් දකින්න හැකියාව ලැබේවි. එයා ඔයා ලඟට ඇවිල්ලා සිප අරන් එයාට ආදරෙයිද කියලා ආහාවි. ඔයාට ඇයට ආදරෙයි කියපු ගමන්ම ඇය ඔයාවත් ඇදගෙන විල පතුලටම යනවා. ඔයා ඇය සිපගත්තාට පස්සේ ඒ ආදරේ ප්‍ර‍තික්ෂේප කලොතින් ඇයගෙන් ඔයාට කවදාවත් සමාවක් ලැබෙන්නේ නැහැ. එයා ඔයා ගොඩක් ආදරය කරන අයගෙන් ඔයාව වෙන් කරනවා... එයාගෙන් මේ වැඩ වලින් ගැලවෙන්න නම් ඔයා ආදරය කරන ගොඩක් වටින දෙයක් එයාට දෙන්න වෙනවා.. එත් කතාවල තියන හැටියට එයා කවදාවත්ම කවුරුවත්ම මේ වෙනකම් නිදහස් කරලා නැහැ මොකද කියනවා නම් එයා තමන්ට ආදරය කරපු කෙනෙක්ගේ ආදරයක් අහිමි කරගෙන ඉන්න නිසා....

මරිනා හා රෝමන් කියන්නේ ලඟදි විවාහ වෙන්න ඉන්න දෙපලක්... තමන්ගේ පවුලේ අතහැරලා දාපු විලක් ගාව තියන ගෙදරකට රෝමන් යන්නේ කසාදේට දින කිහිපයක් තියලා... එතැනදි ඔහුට ලස්සන යුවතියක් දකින්න ලැබෙනවා... එතැනින් එහාට කතාව නැරඔිම ඔබට බාරයි...


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Netflix Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න







පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

The Mermaid Lake Of The Dead (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)