Zero (2018) සිංහල උපසිරැසි සමඟින්
(
click here to watch and comment)
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]


2018 වසරේ කවුරුත් බලාපොරොත්තු තියාගෙන හිටිය චිත්‍රපටියක් තමයි අද අරන් ආවේ... ලංකාවේ රසිකයන්ට නම් මේක සිනමා ශාලාවකට ගිහින් බලන්න නම් හැකියාවක් ලැබුනේ නැහැ... Aanand L. Rai විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත ලෙස අපි කවුරුත් දන්න Shah Rukh Khan,Anushka Sharma හා Katrina Kaif රංඟනයෙන් දායක වෙනවා.. දෙසැම්බර් 21 වැනි දින ලොවපුරා තිරඟත කරන ලද මේ චිත්‍රපටිය හිතුව තරම් සාර්ථක උනේ නම් නැහැ...
කතාව ගැන කිව්වොත් එහෙම කතාවේ ප්‍රධාන චරිතය බවුවා සිංග්. ඔහු මීරුට් නගරයේ ඉන්න රස්තියාදුකාර, උගත්, අඟුටුමිට්ටෙක්. ඔහු හා මුලින්ම ප්‍රේමයෙන් බැඳෙන තරුණිය ආෆියා. ඇය ඇවිදින්න බැරි, හරියට වචන පිටකරන්න බැරි යොවුන් තාරකා විද්‍යාඥවරියක්. මේ ප්‍රේමය එහෙම ගෙවිගෙන යන අතරේ බව්වා හීනයක් වන බබීතා කුමාරි කියන සුපිරි නිළිය මුණ ගැහෙන්න බවුවාට අවස්ථාවක් ලැබෙනවා. ඇය ඒ වෙනකොට බිඳුණු ප්‍රේමයේ දුක සැරටම සමරන ගමනුයි ඉන්නේ... මේ අතරේ බවුවාගේ සහ ආෆියාගේ ගෙවල් වලින් ඔවුන්ගේ විවාහ උත්සවය සූදානම් කරනවා. විවාහා උත්සවය දවසේ බවුවා බබීතාව නැවත මුණ ගැහෙන්න අවස්ථාවක් ලබා ගන්න නර්තන තරඟයක් සඳහා සියලු දෙනාගේ විරෝධතාවය මැද මංගල උළෙලෙන් පිටවෙනවා. ඔහු ඒ තරඟය ජයග්‍රහණය කරනවා. කතාවම කියන එක හරි නෑනේ. එතැන ඉඳන් කතාව ඔබම බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් චිත්‍රපටිය බලන්න කියලා ආරධනා කරන ගමන් සමුගන්නවා තවත් චිත්‍රපටියක් සමගින් හමුවිමේ බලාපොරොත්තුවෙන්...
*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .
Due to copyright issues, we do not provide any Tamil or telugu torrent links.
සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Zero (2018) සිංහල උපසිරැසි සමඟින්
(
click here to watch and comment)
Bookmarks