Pantham (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk





හැමදාම වගේ තෙලෙගු චිත්‍රපටි වලට මුලින්ම සිංහල උපැසිරැසි ලබා දෙන Zoom.lk වෙතින් ඔයාලට තවත් සුපිරි තෙලෙගු චිත්‍රපටියක් තමයි අරගෙන එන්නේ. මේක නිකුත් වෙන්නෙ නම් 2018 අවුරුද්දේ ජූලි 5ස් වෙනිදා, ගොඩක් අය බලාගෙන හිටිය මේකේ හොද පිටපතක් අන්තර්ජාලයට නිකුත් වෙනකම්, ඉතින් කොහොම හරි හොද පිටපතක් අන්තර්ජාලයට නිකුත් වෙන්නෙ හරියටම මේ අවුරුද්දේ මැයි මාසේ

චිත්‍රපටියේ නම තමයි Pantham ඒ කියන්නේ අභියෝගය කියන එකයි imdb 7.0 අරගෙන තියෙන කොට ඉතින් ආයෙත් වෙන මොනාද කියන්න ඉතුරු වෙන්නෙ.. අනිවාර්යයෙන් ඔයා තෙලෙගු රසිකයෙක්නම් මේක මගැරගන්න එකක් නෑ. චිත්‍රපටියේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ අපි කවුරුත් ආස කරන නළුවෙක් වෙන Gopichand එක්ක Mehreen Pirzada මෙයා නම් ඔයාලට ලගදී නිකුත් උන Kavacham චිත්‍රපටියෙනුත් දකින්න ලැබුනා

දැන් ටිකක් කතාව පැත්තට හැරෙමු එහෙනම්.. චිත්‍රපටියේ සම්පූර්ණයෙන්ම කියවෙන්නේ දේශපාලකයන් විසින් කරන දූෂණ වංචා ගැන, එක දවසක රටේ ඉන්න සියළුම මැති ඇමති වරුන්ට උසාවියට කැදවනවා, ඒ වෙන මොකුත් නිසා නෙවෙයි මහජනතාවට ලබා දෙන්න තිබූ කෝටි දහස් ගානක මුදල් වංචා කිරීම සම්බන්ධයෙන්. වික්‍රාන්ත් සුරානා (Gopichand ) කියන්නේ ලෝකේ ඉන්න හොදම සල්ලිකාරයන් 10 දෙනා අතරේ ඉන්න කෙනෙක්, මෙයා ඉන්දියාවට එන්නේ එයාගේ අම්මාගේ පදනමේ 25 වැනි සංවත්සරේට. ඒකට ආපු වෙලාවේ තමයි ඉන්දියාව පුරාම බෝම්බ පිපිරීම් මාලාවක් වෙනවා.. ඒකෙන් අසරණ වෙන මිනිස්සුන්ට කර කියාගන්න දෙයක් නැතිව රෝහල් බිලවත් ගෙවාගන්න බැරිව ඉන්න කොට... එරට රජය විසින් ඒ සියලුම දෙනාට රජයේ වියදමෙන් ප්‍රථිකාර කරනවා කියල නිවේදනයි කරනවා.. ඉතින් මේක දැනගත්තු විකාන්තුත් කෝටියක මුදලක් පරිත්‍යාග කරනවා. එතනින් එහාට මොකක්ද වෙන්න කියලා චිත්‍රපටිය අරගෙන බලන්න වෙනවා. ක්‍රියාදාම වලින් අඩුවක් නැති කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් චිත්‍රපටියක් තමයි Pantham...ආයෙත් ඉක්මනටම හම්බවෙමු එහෙනම්..




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Hindi Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Pantham (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)