Super Deluxe (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)



Super Deluxe (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 45 sec)
Uploaded on 05-21-2019 at 01:21 PM by HEDZ
Tamil Movies - Veoh

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk






වෙම්බු කියන්නේ කසාද බැදල හොද පවුල් ජීවිතයක් ගත කරන කෙනෙක්.. හොද පවුල් ජීවිතයක් කිව්වට හොදමත් නෑ, දවසක් වෙම්බු එයාගෙ කලින් හිටිය පෙම්වතාට කෝල් එකක් අරගන්නවා.. ඉතින් එතකොට එයා දැනගන්නවා එයාගේ කලින් කොල්ලා ගොඩක් අවුලෙන් ඉන්නෙ කියලා. ඉතින් මෙයාගේ කලින් ආදරේනේ වෙම්බුටත් දුක හිතිලා මෙයාට ගෙදර එන්න කියල කියනවා සැමියත් මේ වෙලාවේ ගෙදර නෑ කියලා. ඉතින් කොල්ලත් ගෙදරට එනවා ඉතින් වෙම්බුගේ සැමියත් නැති වෙලාවේ ගෙදරට එන්න කියන්නේ නිකම් නෙවෙයිනේ.. තේරෙනවනේ කියන්න ඕනි නෑනේ,ඉතින් මේ දෙන්නා ඒක කරන අතරේ කොල්ලා මැරෙනවා... ඔන්න ඒ වෙලාවෙම වෙම්බුගෙ සැමියත් එනවා... එතනින් එහාට මොකද උනේ?

යාළුවෝ පස් දෙනෙක්,සූරි,මෝහන්, සන්ත්,තූයාන්,බලාජ , දවසක් මෙයාල කතා වෙනවා, තුයාන්ගේ ගෙදර අය ගමනක් යනවා ඒ නිසා එයාලගේ ගෙදර කවුරුවත් නෑ සෙට් වෙමුද කියලා.. සෙට් වෙන්නෙ මොකටවත් නෙවෙයි වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටියක් බලන්න. ඉතින් මෙයාල ඒ චිත්‍රපටියක් කඩෙන් අරගන්නත් හොද සෙල්ලම් දානවා. ඉතින් කොහොම හරි මෙයාල චිත්‍රපටියත් අරගෙන තුයාන්ගේ ගෙදර ගිහින් ඔක්කොම ලෑස්ති කරගෙන චිත්‍රපටිය බලන්න ඉදගත්තා.. චිත්‍රපටිය පටන් අරගෙන ටික වෙලාවක් යද්දි ඔන්න ප්‍රධාන නිළිය පෙන්නවා ඒ වෙලාවේ තමයි සූරිට දෙයියෝ සිහි වෙන්නේ මොකද ඒ වැඩිහිටියන්ට පමණයි චිත්‍රප්ටියේ ඉන්නෙ එයාගේ අම්මා.. එතනින් එහාට මොකද උනේ?

අවුරුදු 6ක් තිස්සේ ගෙදරට ආවේ නැති තම සැමියා ගෙදර එනවා කියල හදිස්සියේම කෝල් එකක දෙනවා.. ඉතින් තාත්තව බලාගන්න ආසාවෙන් ඉන්න එයාගේ පුතා උදේ ඉදන්ම ලෑස්ති වෙලා තාත්තා එනකම් ඇගිලි ගැනගෙන ඉන්නවා.. ඒවගේම ගමේ අයත් බලාගෙන ඉන්නේ මොකද මේ ගෙදරින් ගිය කෙනා ආයෙත් එන්නෙ කියල බලන්න. ගමේ ඔක්කොමත් මෙයාගෙ ගෙදරට ඇවිල්ලා අවුරුදු 6ක් තිස්සේ බලන්න ආසාවෙන් හිටිය තමන්ගේ සැමියා එන ටැක්සිය ගෙදර දොර ගාව නවත්තනවා.. ඒත් හැමෝම පුදුම කරගෙන ටැක්සියෙන් බහින්නෙ සැත්කමකින් තමන්ගේ ශරීරර කාන්තාවක් විදියට වෙනස් කරගත්තු ඇයගේ සැමියා ...එතැනින් එහාට මොකද උනේ?

මොක්කද මේ කියන්නේ බැලුවද.. කතා තුනක් කිව්වනේ ඉතින් ඔය කිව්වෙ Super Deluxe චිත්‍රපටියේ සාරංශයක්, එකිනෙකට වෙනස් වෙන සමාජයේ වෙනස් පැතිකඩක් ගැන කතා කරන චිත්‍රපටියක් තමයි Super Deluxe කියන්නේ, Vijay Sethupathi, Fahadh Faasil, Samantha Akkineni, Ramya Krishnan,සුපිරි රoගනයෙන් හැඩ උන් මෙය Imdb 8.9 වගෙ සුපිරි අගයක් ගන්න සමත් වෙලා තියෙනවා.. එහෙනම් වැඩිය ලිපිය දික් ගස්සන්න යන්නේ නෑ මොකද ඔයාල ලිපිය කියවනවට වඩා චිත්‍රපටිය බලන්න උනන්දුවෙන් ඉන්නවා කියල දන්නවා.. එහෙනම් ඉතින් මේ ලස්සන චිත්‍රපටිය නරඑන්න ආරාධනා කරනවා හැමෝටම. ඉක්මනටම තවත් උපැසිරසියකින් හම්බවෙමු




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Hindi Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Tags: action, crime, drama, tamil, udayanga

Super Deluxe (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)