Badnaam Gali (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





තවත් හින්දි සිනමා සිත්තමක් අරගෙන තමා මම මේ ඔයාලව හම්බ වෙන්න එන්නේ. මේ තමා 2019 වසරේ මැයි මාසයේදී නිකුත් වුණ Badnaam Gali කියන චිත්‍රපටිය. මේක ලොකු ප්‍රසිද්දියක් අරගෙන තිබුනේ නැති උණත් IMDb මීටරයේ 7.2 ක අගයක් ගත්තු ෆිලුමක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ashwin Shetty මහතා විසින්.. මේකෙ ප්‍රධාන චරිත නිරූපණය කරනුයේ Divyendu Sharma සහ අප කවුරුත් දන්නා ප්‍රසිද්ද නළුවෙකු වන Rajkummar Rao ගේ පෙම්වතිය වන Patralekha Paul විසිනුයි. ඒවගේම අපට චිත්‍රපට කීපයකදීම දැකගන්නට ලැබෙන Dolly Ahluwali කියන ඉන්දීය නිළියත් මේ ෆිලුමට රංගනයෙන් දායක වෙනවා.. ඒ වගේම් මේ මේ චිත්‍රපටය බෙදා හරින ලබන්නේ ZEE5 මගිනුයි. හරි මම දැන් මේ කේ කතාව ගැන පොඩ්ඩක් කෙටියෙන් කියන්නම්.

රානෝ කියන්නේ අසාදාරණය, අයුක්තිය වගේ දේවල් පොඩ්ඩක්වත් පෙන්නන්න බැරි හැමතිස්සෙම ගොඩක් කේන්ති යන කෙනෙක්. ඉතින් මෙයාට පොඩි හරි අසාධාරණයක් වුණ තැණක හොදටම කේන්ති යනවා.. මොකද එයා ඒ හැම වෙලේකම යුක්තිය ඉටුකරන්න යන නිසා. ඉතින් දවසක් මෙය ගෙදරිනුත් වලියක දාගෙන එයාගේ දිල්ලියේ ජීවත් වෙන ආන්ටී ගාවට යනවා නිදහසේ ඉන්න කියලා හිතාගෙන.. ඉතින් මේ ආන්ටී ජිවත් වෙන කොලණියේ එක කෙල්ලෙක් ඉන්නවා නයාන් කියලා.. මේ කොලනියේ ඉන්න හැම කෙණාම වගේ මේ නයාන්ට අපහාස නින්දා කරනවා.. හැබැයි මේ නයාන්ට කොළනියේ ඉන්න අය අපහාස නින්දා කරන්නේ ලොකු වැරදි වැටහීමක් හින්දා...හරි මෙතනින් එහාට කතාව මම කින්න යන්නේ නෑ... ඉතින් මේ රානෝ කොහොමද නයාන්ට සෙට් වෙන්නේ.. කොළනියේ අය නයාන් ගේ වැඩ ගැන වැරදියට නම් හිතාගෙන ඉන්නේ ඇත්තටම නයාන් මොනවද කරනවා ඇත්තේ... මේවා දැන ගන්න චිත්‍රපටිය බලලම ඉන්නකෝ... හරි එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමු ගන්නම්. එතකන් ඕගොල්ලෝ හැමෝටම ජය වේවා....!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Hindi Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ශාන් බණ්ඩාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Badnaam Gali (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)