Maharshi (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






ඔයා මෝෆ්රා දන්නවද
මෝෆ්රා කවුද ඒ?....
ඒකට කමක් නෑ එතකොට උසේන් බෝල්ට් දන්නවද?
උසේන් බෝල්ට් කවුද දන්නේ නැත්තේ?
100m 200m වල දෙතුන් වතාවක්ම රන් පදක්කම් දිනුවනේ
එයා ලෝක ශූරයෙක්
මෝෆ්රාත් උසේන් බෝල්ට් වගේම ලෝක ශූරයෙක්
උසේන් බෝල්ට් රන්පදක්කම් දිනුව ඒ ඔලිම්පික් වලට දෙතුන් වතාවක්ම රන්පදක්කම් දිනුවා
ඒත් ඒ 100m...200m වලින් නෙවෙයි
5000m..10,000m වලින්
ඒත් කාටවත් මෝෆ්රා මතක නෑ
100m වේගෙන් දුවපු උසේන් බෝල්ට් විතරයි මතක තියෙන්නේ..
වේගෙන් දුවන අය විතරක් මතක තියාගෙන ඉන්න මේ ලෝකේ
මමත් එහෙම කෙනෙක් වෙලායි ජීවත්වෙන්නේ...

එහෙම තමයි පටන් ගන්නේ රිෂි කුමාර්ගේ සංචාරය පැය 2 යි විනාඩි 47ක් පුරාවට අපිත් එකතුවෙමු රිෂි කුමාර්ගේ සංචාරයට එහෙනම්...

අද ඉතින් ගෙනාවේ කවුරුත් බලාගෙනම හිටපු චිත්‍රපටියක්..තෙලෙ ගු සිනමාවේ සුපිරි තරුව මහේෂ් බාබු ගේ Maharshi චිත්‍රපටිය තමයි අද ඔයාලට අරගෙන ආවේ.. මහේෂ් බාබු ගේ චිත්‍රපටියක් කිව්වාම කවුද ඉතින් මගැරගන්නෙ නේද? බොලිවුඩ් වලට ශාරුක් නම්තෙ ලෙගු සිනමාවට මහේෂ් බාබු තමයි.. Maharshi කියන්නෙත් මහේෂ් බාබුගේ සුපිරිම චිත්‍රපටියක් කියන්න පුලුවන්. කලින් මෙයාගේ ආපු Dookudu,Spider වගේ මේකත් සුපිරිම චිත්‍රපටියක් උනා,Imdb අගයත් 7.9 වගේ ඉහලම අගයක් ලබා ගන්න මෙ චිත්‍රපටිය සමත් උනා දැන් අලුතෙන් එන ගොඩක්ම දෙමල චිත්‍රපටිවලට තේමාව වෙන්නෙ ගොවිතැන සහ ගොවීන්,ඉතින් ඒ තේමාවම වෙනස්ම විදියකට තෙලෙගු සිනමාවටත් Maharshi හරහා ගෙනහල්ල තියෙනවා

කතාව ගැන කිව්වොත්,රිෂි කුමාර් කියන්නේ ලෝකෙ තියෙන ලොකුම සමාගමක් වෙන origin සමාගමේ CEO. ඉතින් මෙයා මේකේ CEO සතුටට මෙයාගේ යාලුවෝ ඔක්කොම එකතුවෙල පාර්ටි එකක් දෙනවා. ඒකෙදී තමයි අපිට රිෂීගේ අතීතේ දැනගන්න ලැබෙන්නෙ එයාගේ කොලේජ් එකේ යාලුවෝ දෙන්නෙක් ඉන්නවා,Pooja (Pooja Hegde) සහ රවී (Allari Naresh) ඉතින් මෙහෙම ඉන්න කොට තමයි රිෂීට ඇමරිකාවෙ සමාගමකින් ඇරයුමක් ලැබෙන්නෙ,ඒකෙන් රිෂේගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ගන්නවා,ඉතින් වැඩිය කතාව කියන්න යන්නෙ නෑ මොකද එහෙම කිව්වොත් ඉතින් වැඩක් නෑනේ,අනික ඉතින් මහේෂ් බාබුගේ චිත්‍රපටියක් කවුද නොබල ඉන්නේ කොහොම හරි ඇමරිකාවෙ ඉන්න රිෂී ආපහු ඉන්දියාවට එන්නේ එක හේතුවක් නිසා.. මොකද අද එයාට මේ ලැබිලා තියෙන ඔක්කොම දේවල් ලැබිල තියෙන්නෙ එයාගේ යාලුවා නිසා.. ඒ කොහොමද කියල චිත්‍රපටිය අරගෙනම බලන්නකෝ

මේ චිත්‍රපටියේ ගොඩක් ලස්සන සිංදු ටිකක් තියෙනවා,ඉතින් ඒවා අතෑරලා සිංහල උපැසිරැසිය දුන්නොත් අඩුවක් වෙයි වගේ දැනුනන නිසා ඒවගෙන් ගොඩක්ම සිංදුව වලට සිංහල උපැසිරැසි ලබා දීලා තියෙනවා.. එහෙනම් ඉතින් ආරාධනා කරනවා රිෂී කුමාර්ගේ සංචාරයට එකතු වෙන්න

සාර්ථකත්වයේ නැවතීමේ තිතක් නෑ
කොමාවක් විතරමයි තියෙන්නෙ
සාර්ථකතවය කියන්නෙ ගමනාන්තයක් නෙවෙයි
සාර්ථකත්වය කියන්නෙ සoචාරයක්

ආයෙත් හම්බවෙමු අලුත් චිත්‍රපටියකින් ......



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Hindi Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Maharshi (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)