John Wick 3 (2019) Sinhala Subtitles
(click here to watch and comment)



John Wick 3 (2019) Sinhala Subtitles (125 min 39 sec)
Uploaded on 07-12-2019 at 09:07 PM by HEDZ
English Movies - Veoh

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





තව විනාඩි කිහිපයකින් John Wick ගේ හිසට ඩොලර් මිලියන 14 ක ලංසුවක් තැබෙනූ ඇත. ඉන් අනතුරුව බොහෝමයක් කුළී ඝාතකයින් ඔහු සොයා පැමිණෙනු ඇත. ඊට පෙර ඔහු සිය සුරතලාව Continental හෝටලය කරා ආරක්ෂාකාරීව යැවිය යුතුය. අනතුරුව තම ආරක්ෂාව සලසා ගත යුතුය. මේ කෙටි කාලසීමාව තුල John Wick විසින් තමන් ට ගැළවීම ට හැකි මාර්ගයක් තෝරාගත යුතුය. නැත්නම් ඔහු කුළී ඝාතකයින් ගේ පහසු ඉලක්කය ක් බවට පත්වනු ඇත. නමුත් එය එතරම්ම පහසු දෙයක් ද නොවනු ඇත. ඔබ John Wick චිත්‍රපට නරඹා ඇති අයෙක් නම් John Wick ගේ කැරැට්ටුව හොඳ හැටි දනී. ඔහු ද කුළී ඝාතකයෙකි. ඔහුගේ අතට අහුවන ඕනෑම දෙයක් මාරාන්තික ආයුධයක් බවට ක්ෂණිකව පත්වන අතර ඔහු හා සටන් වැදීම මරණයට අත වැනීමකි. Jardani Jovanovic එසේත් නැත්නම් John Wick එතරම්ම ආයුධ සහ ආත්මාරක්ෂක සටන් කෙරෙහි විශේෂ ප්‍රාගුණ්‍යය ඇති දක්ෂයෙකි.

හොඳ ට හරි බරි ගැහිලා වාඩි වෙලා Action Thriller ශානරයේ චිත්‍රපටය ක් මේ දවස්වල බලන්න ඕන නම්, ඔබේ තේරීම විය යුත්තේ John Wick Chapter 3 Parabellum චිත්‍රපටය විතරම යි. ආරම්භයේ සිට අවසානය දක්වා ප්‍රේක්ෂකයා අසුන් වල අලවා තබන මෙම චිත්‍රපටය අති සාර්ථක ලෙස ලොව පුරා සිනමාහල්වල දැන් තිරගත වේ. John Wick සිනමා විශ්වයේ තෙවන දිගහැරුම පළමු හා දෙවන පරිච්ඡේදය න් 2 ටම වඩා රසික සිත් ආකර්ශනය කර ගැනීමට සමත් වී ඇත. මේ වන විටත් චිත්‍රපටය උපයා ඇති සමස්ත ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 221.7 කි

John Wick චිත්‍රපට මාලාවේ 1 වන හා 2 වන චිත්‍රපටයන් නරඹා නොමැති වීම 3 වන පරිච්ඡේදය රසවින්දන යට බාධාවක් නොවේ. පැය 2 කුත් විනාඩි 10 ක් පුරා ගලායන John Wick : Chapter 3 - Parabellum චිත්‍රපටය Keanu Reeves නැමැති රංගධරයා ගේ ප්‍රබලතම තුරුම්පුව කි. චිත්‍රපටයේ සටන් ජවනිකා වල තාත්වික බවෙහි සාර්ථකත්වය සඳහා ම Keaunu සහ Hale Berry අවි පුහුණුව ලැබූ බව වගේම... ඒ සදහා තියන විඩියෝ ඔයාලාට යු ටියුබ් එකට ගියොත් නම් බලාගෙන්න පුලුවන්... කොහොම හරි ඒ වෙනුවෙන්ම කැපවු දේ නිසාම චිත්‍ර‍පටිය තවත් සාර්ථක වි ඇති බව නම් බලාගන්න පුලුවන්. චිත්‍රපටය තුළ ප්‍රේක්ෂකයා හට සිය හුස්ම ඉහළ පහළ යන තත්පරය පවා මොහොතකට අමතක කරවීම ට එම පුහුණුව කෙතරම් දුරට සාර්ථක වී ඇත්දැයි චිත්‍රපටය නරඹන ඕනෑම අයෙකුට සිතෙන්නේ නිරායාසයෙනි. Action-Thriller චිත්‍රපට රසිකයන් හට John Wick 3 චිත්‍රපටය වටිනා දියමන්තියකි.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any English Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න







පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ විනොද් උක්ෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Tags: action, english, thriller, vinod

John Wick 3 (2019) Sinhala Subtitles
(click here to watch and comment)