Neeya 2 (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)



Neeya 2 (2019) සිංහල උපසිරැසි සමඟින් (128 min 56 sec)
Uploaded on 08-05-2019 at 09:19 PM by HEDZ
Tamil Movies - Veoh

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ඉක්මනටම තවත් උපසිරසියක් ඔයාල වෙතට අරගෙනයි අවේ.අද අරන් ආවේ ගොඩක් දෙනෙක් ඉල්ලලා තිබුන මේ මස 28 වන දින නිකුත් වූ neeya 2 නම් අළුත්ම අළුත් දමිල චිත්‍රපටයේ උපසිරසියයි. මේ චිත්‍රපටයට අන්තර්ජාලයේ කොහේවත් ඉංග්‍රීසි උපසිරසියක්වත් තිබුනෙ නැති නිසා ලහිරු උදයංග සහෝදරයාගේ උපකාරත් සහිතව ඉක්මනටම ඔයාලට උපසිරසිය අරන් ඒමට හැකිවීම ගැන ඔහුටත් බෙහෙවින්ම ස්තූතිවන්ත වෙන්න ඕන... Drama/thriller ගණයට අයත් මෙම චිත්‍රපටයට ගූගල් පරිශීලකයන්ගෙන් 80% කැමැත්තක්ද 3.4 imdb අගයක්ද හිමිවෙලා තියෙනවා. කතාවේ ප්‍රධාන චරිතයන්ට පණ පොවන්නේ ප්‍රවීන දමිල නළු jai සහ ප්‍රවීන නිළී catherine tresa හා raai laxmi විසිනි.

කතාව පැත්තට චුට්ටක් හැරුනොත් සාර්වා (Jai) කියන්නේ ඉපදුන දවසේ ඉදන් කෙන්දරේ අපල ගොඩක් තියාගෙන ජිවත් වෙන කෙනෙක්... කොහොම හරි සාර්වාට දිව්‍යාව (Catherine Tresa) ව මුණ ගැහෙනවා වගේම දෙන්නාම කසාද බදිනවා... නමුත් මලර් (Raai Laxmi) කියන මිනිස් වෙස් ගන්න නාග කන්‍යාවක්. සාර්වාට ආදරය කරනවා... ඇත්තම කිව්වොත් සාර්වා කලින් ආත්මයේ වික්‍ර‍ම් කියලා තමයි ජිවත් වෙලා තියෙන්නේ... කොහොම හරි ඒ ආත්මේ එකතු වෙන්න බැරි උන නිසා මේ නාග කන්‍යාව මේ ආත්මයේ ඉන්න සාර්වාට ආදරය කරනවා.. ඉතින් ඔහුව ලබා ගන්න ඇය මොනා කරාවිද කියලා බලාගන්න පුලුවන් චිත්‍ර‍පටිය බැලුවොත්.. මේක බලද්දි ඔයාලට අනිවාර්යෙන් ලංකාවේ අතිශය ජනප්‍රිය උන ප්‍රේම දඩයම කතා මාලාව මතක් වේවි... ඉතින් ඉක්මනින්ම තවත් මේ ආකාරයේම උපසිරසියක් අරගෙන ඔබ හමුවට එන බවට පොරොන්දු වෙමින් මම සමුගන්නවා. බුදුසරණයි !!!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තිසර දර්ශන විතාන විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Tags: drama, horror, tamil, thisara, thriller

Neeya 2 (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)