Mei (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






S. A. Bhaskaran විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටිය තිරඟත විම ආරම්භ කලේ මේ වසරේ අගොස්තු මාසේ 23 වැනිදායි. ප්‍ර‍ධාන චරිත ලෙස Nicky Sundaram,Aishwarya Rajesh හා Kishore රංඟනයෙන් දායක වෙලා තියෙනවා. චිත්‍රපටයෙහි කතාව ගැන කෙටියෙන් කිව්වොත් කතාව පටන්ගන්නෙ තරුණ ගෑනු ළමයෙක් හිටි හැටියේ අතුරුදහන් වීමේ සිද්ධියක් සමගයි. ඉතින් මේ ගැන පැමිණිලි කරන්න ඒ ගෑනු ළමයගෙ පියා Karunakaran (Ajay Ghosh) නැමති දූෂිත පොලිස් නිළධාරියව හමුවෙන්නට ගිය නමුත් මිනිහා මේ පිලිබදව කිසිම පරීක්ෂණයක් හරියට සිදුකරන්නෑ. ඉතින් මේ පිලිබදව සෑහීමකට පත්නොවෙන නිසා හදවතේ සැත්කමකින් පසුව පොලිස් සේවයට එන පොලිස් පරීක්ෂක Muthu (Kishore) මේ කේස් එක භාරගන්නවා. ඉතින් මේ අතරවාරයේ ඇමරිකාවේ ඉදලා ඉන්දියාවේ මාමා කෙනෙක්ගේ නිවස බලා නිවාඩුවකට එනවා Abinav Chandran (Nicky Sundaram) කියල ඇමරිකන් දොස්තර කෙනෙක්. ඉතින් ඔහු තමයි මේ චිත්‍රපටයෙහි ප්‍රධාන චරිතය වන්නෙ. ඔහු තමුන්ගේ මාමගෙ ෆාමසියට වෙලා තව ගෝලයො දෙන්නෙකුත් එක්ක රටේ සංස්කෘතිය ගැන එහෙම ඉගෙන ගිනිමින් ෆාමසියෙ වැඩ කටයුතු බලාගෙන ඉන්නවා. කොහෙම හරි Abinav Chandran ට ඉන්දියාවට පැමිණෙන විට මාර්ගයක සිදුවන සිදුවීමකින් හමුවනව Mithra (Aishwarya Rajesh) කියල ගෑනු ළමයෙක්ව. ඉතින් මුලින් ඇය සමග පොඩි අමනාපයක් පැවතියද පසුව ඇයව හිතමිත්‍ර‍කමක් හදාන්න ඔහු සමත් වෙනවා. ඉතින් ඔහොම කතාව ලස්සනට ඉදිරියට යද්දි Abinav Chandran තමන්ගෙ වෛද්‍ය වෘත්තියේදි ඉගෙනගත් හැකියාවන් විවිධ අවස්ථාවන් වල මිනිසුන් සුවපත් කරන්න යොදාගන්නවා. පසුව ෆාමසියේ ගෝලයො දෙන්නගෙ යෝජනවාක් සහ පසුව මගපෙන්වීම මත ඔහු ෆාමසිය තුල නොමිලේ ප්‍රතිකාර කරන්නත් පටන් ගන්නවා. නමුත් ඉතින් හදිසියේ රෝගාතුර වන ෆාමසියේ වැඩ කරන එක සේවකයෙකු Abinav ගේ තාවකාලික ප්‍රතිකාරකයින් පසුව රෝහලට රැගෙන යාමෙන් පසුව මිය යනවා. මෙතැනින් එහාට කතාව පෙරලෙන්නේ කවුරුත් නොහිතනම පැත්තකට... එක දැනගන්න ඕනි නම් ඔයාලට මේ චිත්‍ර‍පටිය අරන් බලන්නම වෙනවා.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Mei (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)