Saving Zoe (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





අද දවසේ අරන් ආවේ 2019 වසරේ නිකුත් උන නවතම චිත්‍ර‍පටියක්....Alyson Noel විසින් රචිත Saving Zoë නවකතාවේ රුපමය පෙලහර තමයි එම නමින්ම නිර්මාණය වු මේ චිත්‍ර‍පටිය... මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Laura Marano හා Vanessa Marano මෙහි රංඟනයෙන් දායක වෙනවා... මේ චිත්‍ර‍පටියේ අක්කා නගෝගේ චරිත වලට පන පොවන මේ දෙන්නාම සැබැ ජිවියෙත් සහෝදරියන් විමත් විශේෂත්වයක්.. Laura Marano ගේ නම් මේ දෙවැනි චිත්‍ර‍පටිය.. හැබැයි ඇය ගායිකාවක් ලෙස නම් ප්‍ර‍සිද්ධයි... Vanessa නම් රුපවාහිනි කතාමාලා කිහිපයකටම ඇය රංඟනයෙන් දායක වෙලා තියනවා.... මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ Jeffrey Hunt විසිනි..

කතාව ගැන කිව්වොතින් සෝයිගේ මියයාමත් එක්ක තමයි කතාව පටන් ගන්නේ... ඇත්තටම කිව්වොත් ඇයව පුද්ගලයෙකු මරා දමනවා. ඇයගේ නිසල සිරුර පොලිසියට හමුවෙන්නේ පාළු තැනක වාහනයක් ඇතුලේ දමා ගොස් තිබියදි තමයි... එත් මොකට මරා දැම්මාද ඇයි මරා දැම්මේ කියන එක පොලිසිය මේ මරණය වෙනුවෙන් අල්ලගත්ත අපරාධකරුවාවත් හරියට ප්‍ර‍කාශ කරන්නේ නැහැ... සෝයිගේ නංඟි තමයි එකෝ කියන්නේ... එකෝට මේ මරණය වගේම අක්කා මේ සිදුවිම වෙන්න කලින් හැසිරුනු විදිය සැකසහිත නිසාම ඇය මේ ගැන හොයන්න උත්සහා කරනවා. එකෝ මේ වෙද්දි උසස්පාසල් ශිෂ්‍යාවක්... ඇයගේ අක්කා ගැන මේ කැම්පස් එකෙත් ගොඩක් අය ඉන්නේ දුක්මුසු හැගිමකින්...සෝයි ආශ්‍ර‍ කරපු පෙම්වතා තමයි චෙරිස් කියන්නේ... මුලින්ම එකෝට සැක වෙන්නේ මේ සෝයිගේ පෙම්වතා චෙරිස් ගැන. ඔහු කැම්පස් එකෙත් ටිකක් අභිරහස් චරිතයක්.. කොහොම හරි මේ අතර තමයි සෝයිගේ දිනපොතක් එකෝට හම්බවෙන්නේ... ඇය පහුගිය දින ටිකේ වෙච්ච හැම එකම මේ දිනපොතේ සටහන් කරලා තියනවා... ඉතින් එකෝ මේ දිනපොතේ තියන ඉඟි ඔස්සේ ඇත්තටම සෝයිට මොකද උනේ වගේම එදා රෑ ඇය මැරුම් කන්න හේතු වුන ඇත්තම කාරණය හොයාගෙන යනවා. ඒ සෙවිම නිසාම එකෝට මුණ පාන්න වෙන්නේ නම් ලොකු කරදර ගොඩකට. මේක බලාගෙන යද්දි සමහර විට 13 reasons why රුපවාහිනි කතාව වගේම කතාවක් වගේ හිතෙන්නත් ගනිවි... කොහොම හරි මේක නරඔලා සෝයිගේ මරණයේ අභිරහස හොයාගැනිම ඔයාලට බාරයි... හමුවෙමු තවත් චිත්‍ර‍පටියකින්.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම Bluray පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඇන්ජෙලා කුමාරසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Saving Zoe (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)[/CENTER]