Batla House (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)



Batla House (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 43 sec)
Uploaded on 10-11-2019 at 12:13 PM by HEDZ
Hindi Movies - Veoh

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






2019 වසරේ අගොස්තු 15 වැනිදා තිරඟත වුන අලුත්ම හින්දි චිත්‍ර‍පටියක් තමයි අද අරන් ආවේ... මෙහි ප්‍ර‍ධාන චරිතය නිරුපණය කරන්නේ අප කවුරුත් දන්න John Abraham විසින්.... අගොස්තු පහලොව කියන්නේ ඉන්දියාවේ නිදහස් දිනය... ඉතින් මේ දවසට චිත්‍ර‍පටියක් නිකුත් කරන්න කවුරුත් ආසාවෙන් ඉන්නවා.... කොහොම හරි පහුගිය වසරේ අගෝස්තු 15 වෙනිදා සිදුවෙච්ච බොලිවුඩයේ දැවැන්තම ඝට්ටනය මතක ඇති කියලා හිතනවා. ජෝන් ඒබ්‍රහම්ගේ Satyameva Jayate චිත්‍ර‍පටිය හා අක්ශේ කුමාරගේ Gold චිත්‍රපට අතර ඇතිවෙච්ච සීතල යුද්ධයෙන් මේ චිත්‍ර‍පටි දෙකම කරට කර සටනක් දුන්නා කවුරුත් නොහිතපු විදියටම.... මේ සිතල යුද්ධය ගැන ඉතින් තැන් කිහිපයකදි ආක්ෂේ කුමාර් පවා එක එක දේවල් කියලා තිබ්බා. මේ වසරේත් මේ සිතල යුද්ධය මේ විදියටම පටන්ගත්තා. Satyameva Jayate - Gold චිත්‍රපට ඝට්ටනයෙන් හරියටම වසරක් ගතවෙන දවසේ එනම් මෙවරත් අගොස්තු 15 වෙනිදා ජෝන් ඒබ්‍රහම්ගේ Batla House සහා අක්ශේ කුමාර්ගේ Mission mangalm චිත්‍ර‍පටි දෙකම තිරඟත වුනා... මෙහිදි බට්ලා හවුස් චිත්‍ර‍පටිය කෝටි 125කට ආසන්න බොක්ස් ඔෆිස් ආදායමක් තබා ගැනිමට සමත් වුනා. ඒ වගේම මෙවර නම් ආක්ෂේගේ චිත්‍ර‍පටිය කෝටි 290කට ආසන්න ආදායමක් තබා ගැනිමට සමත් වෙමින් ටිකක් ලොකු තරඟයක් දෙන්න සමත් උනා.... ඉතින් සමහර විට ලබන වසරේත් මේ දෙන්නාගේ සිතල යුද්ධයක් බලාගන්න පුලුවන් වේවි... හැබැයි ඉදින් සිනමා රසිකයන් නම් කියන්නේ මේ දෙන්නාගේ මේ තරඟය නැතුව දෙන්නා වෙන වෙනම දිනවල් වල චිත්‍ර‍පටි නිකුත් කලා නම් අදායම අතින් චිත්‍ර‍පටි දෙකම තවත් හොද තැනක තියේවි කියලා තමයි...

කොහොම හරි අද මේ ගෙනාව බට්ලා හවුස් චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ Nikhil Advani විසින්... ජොන් එබ්‍ර‍හම්ට අමතරව මෙහි Mrunal Thakur ප්‍ර‍ධාන නිලියගේ චරිතයට පණපොවනවා. ඒ වගේම Nora Fatehi ගේ අරාධිත රංඟනයකින් හැඩවෙන O Saki Saki සිංදුවත් ඇතුලත් වෙන්නේ මේ චිත්‍ර‍පටියේම තමයි. කතාව ගැන කිව්වොත් එහෙම ACP සංජය කුමාර් හා ඔහුගේ පොලිසිය L-18, Batla House හි කරන වැටලිමකින් 2008 ඉන්දියාවේ සිදුවු බොම්බ ප්‍ර‍හාර වලට සැක සිතිය හැකියයි කියන විශ්වවිද්‍යාල සිසුන් පස්දෙනෙකු සිටිනා තැනක් වටලනවා. මේ වැටලිමෙන් කිහිපදෙනෙක්ම පොලිස් වෙඩි පහරින් මිය යනවා... නමුත් මේ සිදුවිම එලියට යන්නේ පොලිසිය විසින් මුස්ලිම් විශ්වවිද්‍යාල සිසුන් කිහිපදෙනෙක් ත්‍ර‍ස්තවාදින්යැ ි සැක කරලා මරා දැම්මා කියලා. (අපිටත් ඉතින් මේ ගැන පහුගිය මාස වල අත් දැකිම් නැතුවා නෙමෙයි නේ.. අන්තිමට බොම්බ ගහපු අය හොද වෙලා අල්ලගත්ත අය තමයි නරක උනේ) ඉතින් මේ ACP සංජය කුමාර්ට විරුද්ධව සිවිල් සංවිධාන වගේම නොයෙකුත්
දෙනා විරුද්ධ වෙන්න ගන්නවා... සංජය මේ කරපු මෙහෙයුමෙන් ඇත්තටම මියගියේ ත්‍ර‍ස්තවාදින්ද? නැත්නම් නිකම්ම විශවවිද්‍යාල සිසුන් ටික දෙනෙක් විතරද... මේ කතාවේ ඇත්ත නැත්ත බලන්න පුලුවන් වෙන්නේ මේ චිත්‍ර‍පටිය අරන් බැලුවොත් තමයි...



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Tags: action, hindi, thriller, udayanga

Batla House (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)