ZOMBIE (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






මේ වසරේ සැප්තැම්බර් වල නිකුත් උන චිත්‍ර‍පටියක් තමයි අද අරන් ආවේ... චිත්‍ර‍පටියේ නම දැක්කාම නම් කතාව මොන වගේද කියලා හිතාගන්න පුලුවන්නේ... මිට කලිනුත් දමිළ සිනමාවේ සොම්බි කතාවක් අලලා චිත්‍ර‍පටියක් හැදුනා... හින්දි සිනමාවෙත් චිත්‍ර‍පටි දෙකක් පමණ මේ විදියට නිර්මාණය වෙලා තියනවා.. හැබැයි ඉතින් හොලිවුඩ් වල නම් අතේ ඇඟිලි ගානට වඩා චිත්‍ර‍පටි නිර්මාණය වෙලා තියනවා. ඒ වගේම කවුරුත් බලන වැඩිම රේටින් අරගත්ත වොකින් ඩේඩ් කතාමාලාවටත් පාඨක වෙන්නේ සොම්බි තමයි... ඉතින් මේ හොලිවුඩය අක්‍ර‍මනය කරගෙන ඉන්න සොම්බි ඉන්දියාව මේ පාර ආක්‍ර‍මණය කරන්නේ කොහොමද කියලා බලාගන්න පුලුවන් මේ චිත්‍ර‍පටියෙන්...

Gurkha චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතය කරලා එකේ උණුසුම යන්නත් කලින්ම දමිළ සිනමාවේ විකට නළුවෙකු වු Yogi Babu ප්‍ර‍ධාන චරිතයෙන් රංඟනයෙන් දායක වෙන තවත් චිත්‍ර‍පටියක් තමයි මේ... මෙහි ඔහුට අමතරව Yashika Aannand,ManobalaGopi හා Dhuniya Sudhakar මෙහි රංඟනයෙන් දායක වෙනවා... මෙහි අධ්‍යක්ෂණය Bhuvan Nullan ගෙනි.. කතාව ගැන කිව්වොත් එහෙම යාළුවෝ සෙට් එකක් තමන්ගේ බිරින්දැවරුන්ගේ කරදරය ඉවසාගන්න බැරි තැන තමන්ගේ දුක කතා කරගන්න ක්ලබ් එකකට යනවා බිලා ටිකක් විනෝද වෙන්න... එහෙම ගිය යාළුවෝ ටික රෑ හොටෙල් එකක නවතිනවා... හැබැයි මහා රෑ අවදිවෙන මේ අයට අත්දකින්න ලැබෙන්නේ ජිවිතයේ මෙතෙක් නොවිදපු අත්දැකිමක් තමයි.... ඒක දැනගන්න පුලුවන් ඉතින් චිත්‍ර‍පටිය අරන් බැලුවා නම්... කොහොමත් ඔය කඩ කැම අනම් මනම් වලින් සොම්බියෙක් විම කෙසේ වෙතත් තමන්ගේ ජිවිතේටත් හොද නැහැ කියලා පණිවිඩයක් මේ චිත්‍ර‍පටියෙන් ඉතින් දෙනවා. කොහොමත් මුල විනාඩි පහ හය බලද්දිම ඉතින් ඉන්දියාවේ වගේම ලංකාවෙත් හොටෙල් වල අහාර පාන හදන හැටි කොහොමද කියලා හිතාගන්න පුලුවන් වේවි.... එහෙනම් රසවිදින්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා. ඔබට සුභ දවසක්.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

ZOMBIE (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)