War (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)





Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





වේලි වේලි තිබ්බ බොලිවුඩයට Yash Raj Films වෙතින් සුපිරි චිත්‍රපටියක් නිකුත් කරනවා 2019 ඔක්තෝබර් 2 වැනිදා... චිත්‍රපටිය තමයි WAR. ඉතින් මේ චිත්‍රපටිය කොච්චර සාර්ථකද කිවොත් මේ වන විට 2019 වර්ෂයේ ආදායම් අතින් පළමු ස්ථානයට එන්න සමත් උනා. ඇත්තටම බොලිවුඩ් සිනමාවට අලුතෙන් ජවයක් එකතු කරපු චිත්‍රපටියක් කියන්න පුලුවන් මේක. Dhoom,Dhoom 2,Dhoom 3,Ek Tha Tiger,Tiger Zinda Hai,Thugs of Hindostan,වගේ සුපිරි ක්‍රියාදාම චිත්‍රපටි අපිට අරගෙන ආපු Yash Raj Films විසින් බොලිවුඩයට අලුතෙන්ම නිකුත් කරපු වෙඩිල්ල තමයි WAR. Koi mil gaya,Krrish 2,Krrish 3,Kaabil ,Dhoom 2, Super 30 වගේ චිත්‍රපටි වලින් අපි අතරට ආපු Hrithik Roshan සමග Heropanti,Baaghi,A Flying Jatt,Munna Michael,Baaghi 2,Student of the Year 2 චිත්‍රපටි වලින් අපි අතරට ආපු Tiger Shroff තමයි ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ. ඉතින් මේ දෙන්නගේ එකතුව ගැන ආයෙත් කියන්න දෙයක් නෑනේ... ඒ එකතුව කොච්චර සාර්ථකද කිව්වොත්කෝටි 200කින් නිෂ්පාදනය කරපු WAR කෝටි 450 කට වඩා වැඩි ආදායමක් හොයාගන්න සමත් වෙලා තියෙනවා.

දැන් කතාව පැත්තට ටිකක් හැරෙමුකො.. කබීර් (Hrithik Roshan ) කියන්නෙ ඉන්දීයානු හමුදාවේ ඉන්න විශේෂම සෙබලෙක් එත් කබීර් හිටිගමන්ම හමුදාවට ද්‍රොහිකමක් කරනවා. මෙයා එක දිගට මිනීමරුම් කිහිපයක් කරගෙන යනවා. ඒකත් රජයේ ඉන්න ඉහලම නිලධාරින්ව තමයි මෙයා මරන්න පටන් ගන්නේ. මෙයා ඇයි මෙහෙම එක පාරටම වෙනස් උනේ කියල කාටවත්ම හිතාගන්න බැරිවෙනවා,ඉතින් මේක කොහොම හරි නවත්තන්න ඕනි නිසා ඉන්දියානු රජය තීරණය කරනව කබීර්ව මරන්න. ඒ වෙනුවෙන් එයාලට ඉන්න හොදම දක්ෂ සෙබලෙක්ව මෙහෙයුමට පත් කරනවා ඒ තමයි කාලිද් (Tiger Shroff ) කාලිද් කියන්නෙ කබීර්ගේ ශිෂ්‍යයෙක් ඉතින් කාලිද්ට පුලුවන් වෙයිද කබීර්ව නවත්තන්න0 ඒ ඒක දැනගන්නම් පැය 2 යි විනාඩි 34ක් ඉවසන්නම වෙනවා

Imdb අගය මේ වෙන කොට 6.8ක අගයක් අරගන්න සමත් උන මේ චිත්‍රපටියේ දෙවනි කොටසත් ඒ කියන්නෙ WAR 2 ඉක්මනටම බලන්න හම්බවෙනවා කියලා දැනගන්න ලැබෙනවා ඒ 2021දී. කොහොම හරි WAR 2 වලදී අපිට Hrithik Roshan ප්‍රධාන චරිතයෙන්ම දැකගන්න පුලුවන් වෙයි. ඒත් Tiger Shroff වෙනුවට ගොඩක් දුරට Vidyut Jammwal දැකගන්න ලැබෙයි කියලා තමයි දැනගන්න ලැබෙන්නේ Tiger Shroff WAR 2 එකේ නැත්තේ ඇයි කියලා දැනගන්නම් මේ චිත්‍රපටිය අරගෙනම බලන්න වෙනවා.

මගේ 150 වෙනි උපැසිරැසි ගැන්වීම මේ වගේ සුපිරි චිත්‍රපටියකින්ම දෙන්න ලැබීම ගැන මටත් සතුටක් තියෙනවා.. එහෙනම් ආයෙත් ඉක්මනටම තවත් මෙ වගේම චිත්‍රපටියකය උපැසිරැසියක් සමගින්ම හම්බවෙමු.එහෙනම් ආරාධනා කරනවා හැමෝටම මේ ගුරු ගෝල යුද්ධය නරඔන්න කියලා...



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

War (2019) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)