Dangerous Lies (2020) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






අද අරන් ආවේ තවත් Netflix ලගේ අලුත්ම thriller movie එකක් වෙන Dangerous Lies චිත්‍ර‍පටිය... ෆිල්ම් එක පුරාවටම කුතුහලය නම් පිරිලා තියනවා. මුදල් කියන දේ මිනිසුන්ගේ ජීවිතවලට බලපාන හැටි ලස්සනට ෆිල්ම් එකේ පෙන්නලා දීලා තියෙනවා. ඉතිං drama - thriller වර්ගයේ ෆිල්ම් බලනවා නම් ඔයාලා දන්නවා ඇති ලොකු ලොකු action scenes නැතත් ඊළඟට වෙන දේ දැනගන්නකන් හිතට ඇති වෙන්නේ ලොකු කුතුහලයක්. මේ ෆිල්ම් එකෙත් ඒ Feeling එක ටිකක් තියනවා.

Dangerous Lies ලියල තියෙන්නෙ ඩේවිඩ් ගෝල්ඩන්. ඒ වගේම අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ මයිකල් ස්කොට්. මෙහි ප්‍ර‍ධාන චරිතයට රංඟනයෙන් දායක වෙන්නේ Camila Mendes ඇය තමයි Riverdale රුපවාහිනි කතා මාලාවේ ප්‍ර‍ධාන චරිතය නිරුපනය කරන්නේ... චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත් ආර්ථිකමය වශයෙන් අමාරු කාලයක් ගත කරන අලුත බැඳපු ජෝඩුවක් වෙන කේටි සහ ඇඩම් ගේ ජීවිත කතාව තමා මේ ෆිල්ම් එකෙන් කියවෙන්නේ. කතාව මුලදී කේටී MBA එක ඉවර කරන්න Try කරන ඇඩම්ට උදව්වක් විදිහට රාත්‍රී භෝජන හලක වැඩ කරනවා. ඒ දෙන්නට එයාලගේ අනාගතේ ගැන Plan එකක් තියනවා. ඇඩම් උපාධිය අරගෙන, ඉහළ වැටුප් සහිත රැකියාවක් ලබාගන්නවා, ඊට පස්සෙ කේටිට Diner එකෙන් අයින් වෙලා ආයම උපාධිය සම්පූර්ණ කරගන්න කැම්පස් එක්කට යන්න පුලුවන්. ඒක සාධාරණ ඒවගේම වගකිවයුතු සැලැස්මක්. එත් කාටද එච්චර ලස්සනය අනාගතේ සැලසුම් කරන්න පුලුවන් නේද?

එක රෑක තුවක්කුකරුවෙක් කේටීගේ diner එක කොල්ලකෑමට උත්සාහා කරනවා. ඒත් කේටීව ගෙදර එක්කන් යන්න වේලාසනින් පැමිණෙන ඇඩම්, මැදිහත් වෙලා, කොල්ලකරු මෙල්ලකරනවා. ඒත් මේ සිද්දියෙන්, කේටී සහ ඇඩම්ගේ ජීවිතය දෙදරා යනවා. සොරකමෙන් පසු කේටි Diner එකේ රස්සවෙන් ඉවත් වෙනවා ඒ වගේම ඇඩම් ව්‍යාපාරික පාසලෙන් ඉවත් වෙනවා. ශිෂ්‍ය ණය, ක්‍රෙඩිට් කාඩ් සහ නොගෙවූ බිල්පත් වගේ දේවල් නිසා මේ තරුණ යුවළ අධික ණය බරකට හිරවෙනවා. මේ නිසාම දෙන්නා අතර ප්‍රශ්නත් එන්න එන්නම වැඩි වෙනවා. ඉතින් මේ අතරේ 88 හැවිරිදි ලෙනාඩ්ගේ (එලියට් ගුල්ඩ්) ගෘහ රැකවරණ සහකාරියක් විදිහට කේටි අලුත් රැකියාවක හොයාගන්නවා, ඒත් ඇඩම්ට තමන් කැමති විදිහේ රැකියාවක් හම්බවෙන්නේ නෑ. කොහොම හරි දෙන්නාගේ වලි වලින් පස්සෙ කේටි ලෙනාඩ් එක්ක කතා කරලා ඇඩම්වත් ලෙනාඩ් ගාව වැඩට ගන්නවා. ඒත් ලෙනාඩ් හදිස්සියේම මැරෙනවා. ඒ වගේම ලෙනාඩ් එයාගේ අන්තිම කැමැත්තෙන් මේ යුවලට එයාගේ ගෙදර පවරලා දීල තියනවා කියල මේ දෙන්නට දැනගන්න හම්බවෙනවා. අනිත් සිද්ධිය වෙන්නේ කේටි සහ ඇඩම් ගෙදර හංගලා තියන සල්ලි වගයක් හොයාගන්නවා. ඉතින් මේ දෙන්නගේ අන්තරාදායක බොරුකීම පටන් ගන්නෙ මෙතැනින්.

කොහොම වුණත් Dangerous Lies අපිට කාරණා කීපයක් කියලා දෙනවා. එකක් සල්ලි මිනිස්සුන්ව වෙනස් කරණවා. දෙක නිකන් හම්බෙන දේවල් ගැන අපිට විශ්වාසයක් තියන්න බෑ. අනික තමා, අදහස් ගැලපෙන් නැත්තම් අන්‍යෝන්‍ය අවබෝධයක් නැත්තම්, අනෙකාට ඇහුම්කන් දෙන් නැත්තම්, කසාද නොබැද ඉන්න එක හොදයි කියන එක. එහෙනම් චිත්‍ර‍පටිය අරන් බලන්න තව උපසිරැසියකින් හමුවෙමු



උපුටා ගැනිම
Movie Reviews ෆෙස්බුක් පිටුවෙනි


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඇන්ජෙලා කුමාරසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Dangerous Lies (2020) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)