අද හවස මම අහම්බෙන් වගේ රූපවාහිනියෙන් දැක්කා...තවත් හදුනා නොගත් පියාසර වස්තුවක් ලංකාවේ අහසෙදී දැකල තියෙනවා කියලා....(දෙරන ප්‍රවෘතී සිරස් තල වලින්)

කතාවේ ඇත්ත නැත්ත බලාගන්න 8 වෙනකන් ඉන්න වුනත් ඒ අතරෙදී මට එක පාරටම කල්පනා වුනා...ඇයි පිටසක්වලයෝ මෙච්චරම ලංකාවටම එන්නේ කියලා...ලෝකේ මෙච්චර රටවල් තියෙද්දී...

ඉතින් තොරතුරක් ගන්න තියෙන එකම තැනින් මම හොයලා බැලුව...(නෙට් එකේ තමා වෙන කොහේද)

පැය භාගයක් විතර හෙව්වට පස්සේ වැදගත් දෙයක් හොයාගන්න පුලුවන් වුනා...ඉතින් ඒක දන්න නොදන්න යාලුවෝ හැමෝම එක්ක බෙදාගන්න හිතුවා...

පියාඹන පීරිසියක් අපේ ලෝකෙට එනවානම්.... තියෙන සැලකිය යුතු බාධාවක් තමයි ගුරුත්වාකර්ෂන ශක්තිය....

ගුරුත්වාකර්ෂන ශක්තියේ විරුද්ධ ශක්තිය..... එහෙමත් නැත්නම් අනිත් පැත්ත තමා විශ්ව ශක්තිය...(අභයාවකාශය න් පෘතුවියට පැමිණෙන)

නෙට් එකෙන් මම හොයාගත්තා.... නාසා ආයතනය කරල තියෙන සමීක්ශනයකට අනුව...
අපේ රටේ...ශ්‍රී ලංකාවේ.... අනිත් රටවල් විශාල ප්‍රමාණයකට සාපේක්ශව ගුරුත්වාකර්ෂන ශක්තිය ඉතාමත්ම අවමයි කියලා...

ඒ කියන්නේ විශ්ව ශක්තිය ඉතාමත්ම ඉහලයි අපේ රටේ...ඉතින් අනිත් ස්ථාන වලට සාපේක්ශව අපේ රටට අයත් අභයාවකාශ සීමාවෙන් පිටසක්වලයන්ගේ යානා අපේ ලෝකය දෙසට ගමන් කරවීම විදයාත්මකව පහසුයි...

ඉතින් යාලුවනේ මට අපේ රට ගැන තවත් ලොකු ආඩම්භරයක් දැනුනා....මගේ හැගීම නම් අපේ විශ්ව නායක සම්මා සම්බුදු බුදු රජාණන් වහන්සේ ලංකාවට 3 පාරක්ම වැඩම කරපු නිසා අපේ දිවයින මේ සුවිසල් විශ්ව ශක්තියකට උරුම කම් කියනවා කියලා...

තව දුරටත් සොයලා බැලුවාම මම දැක්ක සමහර වෙබ් අඩවි වල තියෙනවා...මේ හේතුව නිසාවෙන් බුදු රජාණන් වහන්සේ උත්පත්තිය ලබලා තියෙන්නේත් ලංකාවේදෝ කියලා දැනට සොයමින් යන හේතු සාධක තවදුරටත් වර්ධනය වෙලා තියෙනවා කියලා...

කොහොම වුනත් මම මගේ රටට ශ්‍රී ලංකාවට ආදරෙයි...අද ඒ හැගීම තවත් වැඩි වුනා...ආගම ජාතිය මොකක් වුනත් ඔයාලත් එහෙමයි කියලා හිතුන හින්දා මම හොයාගත්තු දේ බෙදාගත්තා ඔයාලා එක්ක....