සුජාතේ බලා පජාත වූ දා


Results 1 to 10 of 15

Thread: සුජාතේ බලා පජාත වූ දා

Threaded View

  1. #1
    Senior Member රත්නෙ ලමයා is a name known to all රත්නෙ ලමයා is a name known to all රත්නෙ ලමයා is a name known to all රත්නෙ ලමයා is a name known to all රත්නෙ ලමයා is a name known to all රත්නෙ ලමයා is a name known to all රත්නෙ ලමයා's Avatar
    Join Date
    Oct 2012
    Location
    ලොවෙත් නෑ
    Posts
    580
    Likes Received
    787 times

    Cool සුජාතේ බලා පජාත වූ දා

    ජාතික රුපවාහිනියේ විකාශය වන සුජාත දියණි නම් මාලා නාටකය ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර ඉතාමත් ප්‍රසිද්ධියට පත්ව තිබේ.

    බාල, තරුණ, මහලු සියලුම කාන්තාවන් සතියේ දිනයන්හි සවස 6.30 සිට 7.30 දක්වා දහසකුත් වැඩ පැවතියද ඒ සියල්ල නවතා පුරා පැයක් සුජාත දියණිය බැලීමට රුපවාහිනිය ඉදිරියේ රැස්ව සිටියි.

    එහෙත් මෙම නාටකය කෙරෙහි බොහෝ පුරුෂයන්ගේ කැමැත්තක් නොමැත. ඔවුන් පවසන්නේ මේ තුලින් ලංකාවේ කාන්තාවන්ගේ මනස විකුර්ති කර ඇති බවයි.

    අප මෙ පිළිබඳ ශ්‍රී ලකාවේ පාසල් වල සොයාබැලීමක් කල අතර එහිදී අනාවරණය වුයේ ඇතැම් පාසල්වල ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන සිසුවියන් චන්ගුමි මෙන් කතා කිරීමටත්, ඇඳුම නවා එය තුලට දෑත දමාගෙන චන්ගුමි මෙන් ඇවිදීමටත් පුරුදුව සිටින බවයි.

    මේ අතර ප්‍රථමික පන්තිවල පිරිමි ළමයින් Ben 10 අනුගමනය කරමින් කඩදාසි වලින් ඔරලෝසු සාදාගෙන පිටසක්වල ජීවින් සොයමින් විවේකයක් ලද හැමවිටම පාසල පුරා දුවන බව දක්නට ලැබිණ.

    තවද ජාතික පුවත් පතක් වාර්තාකර සිටියේ චන්ගුමිගේ රුපය ලබාගැනීමට කාන්තාවන් ප්ලාස්ටික් සැත්කම් වලටද යොමුව ඇති බවයි.

    මෙම සුජාත දියණි නාටකයට එරහි තරුණයන් පවසන්නේ මෙම නාට්‍ය බැලීමට ආශා කරන තරුණියන් සමලින්ගිකත්වයට (Lesbian) යොමුවී ඇති බවයි. තවද එම නාට්‍යයේ දෙබස් අතර " අ...අහ ...ඒ ... ආ .... ආහ් .." වැනි අනවශ්‍ය කාන්තා කෙදිරිලි ශබ්ද වැඩිපුර යෙදීම තුල අසන්නන් හට අනවශ්‍ය හැඟීම් ජනිත කරවන බව චෝදනා කරයි.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ පිරිමින් මෙයට විරුද්ධ වීමට මුලික හේතු වශයෙන් පහත කරුණු අප සොයාගන්න ලදී.

    ස්වාමිපුරුෂයා වැඩ නිමවී ගෙදර පැමිණියද, ඔහුගේ පැමිණීම ගැන සැලකිල්ලක් නොදක්වා, තේ එකක් වත් නොදී, කතාබස් නොකර සුජාත දියණි බැලීමට බිරිඳ පුරුදුව සිටීම.
    තම බිරිඳ හෝ මව සුජාත දියණිය අවසන් වීමෙන් පසු (7.30) රාත්‍රී ආහාර පිලියල කිරීමට යොමුවීම් මත රාත්‍රී ආහාරය ප්‍රමාද වීම හෝ නාට්‍ය අතරතුර සාදා ඇතිනම් රෝස්ව පැවතීම.
    වැඩ නිමවී තම පෙම්වතිය සමග දුරකතනයෙන් කතා කිරීමට (මල් කැඩිමට) ඇති අවස්ථාව මෙම පැය තුල ඇහිරියාම.
    දුරකතනයෙන් පෙම්වතිය අමතනවිට සහ ඇය හමුවීමට යන අවස්ථාවන්හිද පෙම්වතිය චන්ගුමි ගැන කියවීමට පටන් ගැනීම සහ සුජාත දියණියන්සේ හැසිරීමට උත්සහ ගැනීම තුල පෙම්වතුන්ට එය හිසරදයක් වීම.
    පෙම්වතියන් ඔවුන්ගේ දුරකථනයන්ට සුජාත දියණි ගීතය යොදා තිබීම
    .

    මේ හේතුකොට ගෙන ශ්‍රී ලංකාවේ තරුණයන් සුජාත දියණිට විරුද්ධව Face Book හරහා ප්‍රකාශ නිකුත් කරමින් සිටියි. මේ අතර සුජාත දියණියට එරෙහිව "පජාත දියණි" නමින් Face Book පිටුවක්ද ආරම්භ කර තිබන අතර එයට මේ වන විට 8500 කට අසන්න සාමාජික කැමැත්ත හිමිව තිබේ.

    සුජාත දියණිට පෙම් බැඳී ශ්‍රී ලාංකික සුවහසක් වූ කාන්තාවන්ට නෙතට කදුළක් උන්නාවූ ප්‍රවෘත්තියක් වුවද ,සුජාත දියණිය නුදුරේදීම අවසන වනබව අවසාන වශයෙන් සටහන් කල යුතුය.



    සුජාත දියණි සමාජයට කර ඇති බලපෑම










    "පට්ට ආතල් සුජාත දියනි " ත්‍රෙඩ් එක මෙතනින්
    Last edited by රත්නෙ ලමයා; 01-30-2013 at 12:20 PM.

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts